Cricket NewsEXCLUSIVEIPL

බිඳ වැටුණු Punjab Kings ඉණිම ගොඩනැගූ Liam Livingstoneගේ පන්දු 32ක් පුරා ක්‍රියාත්මක වූ ගිණිකෙළි සැණකෙළි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 11වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ මහිෂ් තීක්ෂණ නියෝජනය කරන Chennai Super Kings කණ්ඩායමත් අතර තරඟය අද ආරම්භ වූවා.

අද තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Chennai Super Kings නායකයා ප්‍රතමයෙන් පන්දුවට පහර දීම සදහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Punjab Kings කණ්ඩායම සර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වූයේ නැහැ.

නායක Mayank Agrwal ලකුණු 4කට දැවී ගියා.

අනතුරුව අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ක්‍රම ක්‍රමයෙන් පිටියේ ස්ථාවර වීමට කටයුතු කළත් අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට ඔහු හසුවුණා.

අනතුරුව පිටියේ එක් වූ Liam Livingstone දැඩි ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වූයේ කඩන් වැටුනු Punjab Kings ඉණිම ශක්තිමත් කරමිනි.

Livingstone පන්දු පන්දු 32ක් තුල අධිවේගි ලකුණු 60ක් රැස් කිරීමට සමත් වුනා.

ඔහුගේ ඉණිමට දැවැන්ත හයේ පහරවල් 5ක් සමග හතරේ පහරවල් 5ක් ඇතුළත් වුනා. ඔහුගේ ඉණිමේ ප්‍රහාරාත්මක වේගය සටහන් වූයේ 187.50ක් ලෙසයි.

Liam Livingstoneගේ ප්‍රහාරාත්මක ඉණිම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button