Cricket NewsEXCLUSIVEIPLMatch Review

පසුගිය වසරේ ශුරයන් වූ Chennai Super Kings පරාජය කරමින් භානුක රාජපක්ෂගේ Punjab Kings සිය දෙවන ජයග්‍රහණය වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 11වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ මහිෂ් තීක්ෂණ නියෝජනය කරන Chennai Super Kings කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 54ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Punjab Kings සමත් වුනා.

අද තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Chennai Super Kings නායකයා ප්‍රතමයෙන් පන්දුවට පහර දීම සදහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Punjab Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 180ක් රැස් කිරීමට සමත් වුනා.

සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට Punjab Kings සමත් වූයේ නැහැ.නායක Mayank Agrwal ලකුණු 4කට දැවී ගියා.අනතුරුව අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ක්‍රම ක්‍රමයෙන් පිටියේ ස්ථාවර වීමට කටයුතු කළත් අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට ඔහු හසුවුණා.

අනතුරුව පිටියේ එක් වූ Liam Livingstone දැඩි ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වූයේ කඩන් වැටුනු Punjab Kings ඉණිම ශක්තිමත් කරමිනි.Livingstone පන්දු පන්දු 32ක් තුල අධිවේගි ලකුණු 60ක් රැස් කිරීමට සමත් වුනා.

Shikhar Dhawan ලකුණු ලකුණු 33ක් රැස් කිරීමට සමත් වුනා. පන්දු යැවීමේදී Chris Jordan, සහ Dwaine Pretorius කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව ලකුණු 181ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි පිතිකරුවන්ට පන්දුවාර 18ක් අවසනයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 126ක් පමණයි.

Chennai Super Kings වෙනුවෙන් MS Dhoni ලකුණු 23 ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Rahul Chahar විසින් කඩුලු 3ක් බිඳ හෙලූ අතර Vaibhav Arora සහ Liam Livingstoneකඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා.

තරඟයේ වීරයා සම්මානය Liam Livingstone වෙත හිමි වුවා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7