Cricket NewsEXCLUSIVEILT20

ලොව පුරා ක්‍රිකට් දැවැන්තයන් පිරිවරා පැවැත්වෙන “UAE ILT20” තරඟාවලියේ මෙතෙක් යොමු වූ වේගවත්ම පන්දු 5න් 4ක්ම මතිෂ පතිරණගේ නම ඉදිරියේ.!

ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ප්‍රීමියර් තරඟාවලියේ මෙතෙක් යොමු වූ වේගවත්ම පන්දු 5 අතරින් පන්දු 5ක්ම සිය නම ඉදිරියේ වෙන් කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ සමත් ව සිටිනවා.

Desert Vipers කණ්ඩායම නියෝජනය කරමින් තරඟාවලියේ වේගවත්ම පන්දුවද මතිශ පතිරණගේ නම ඉදිරියේ සටහන්ව ඇති අතර එහි වේගය 149.4km/h ලෙස සටහන්ව තිබෙනවා.

තරඟාවලියේ දෙවන වේගවත්ම පන්දුවද මතීෂ විසින්ම යොමු කර ඇති අතර එහි වේගය 148.6km/h වනවා.

මෙම ලැයිස්තුවේ සිටින අනෙක් එකම ක්‍රිඩකයා වන එංගලන්ත ක්‍රිඩක Richard Glesson 148.4km/hක වේගයකින් පන්දුව යොමු කර ඇති අතර සිව් වන සහ පස්වන වේගවත්ම පන්දුද මතිෂ පතිරණගේ නම ඉදිරියේ ලියැ වී තිබෙන්නේ පිලිවෙලාන් 147.6km/h සහ 147.6km/h වේගයක් සහිතවයි.

එම සම්පූර්ණ ලැයිස්තුව පහතින්


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button