Cricket NewsEXCLUSIVEIPL

වසර ගණනකට පසු ශ්‍රී ලාංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම එක්වන IPL තරඟාවලිය නරඹන්නට ලාංකිකයන් 70% කටම අවස්ථාව අහිමි වෙයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීගයට ශ්‍රී ලාංකික ක්‍රීඩයින් කිහිපදෙනෙකු එක්වෙන්නේ වසර ගණනාවකට පසුවය.තමන් බොහෝ කලක් අපේක්ෂාවෙන් බලා සිටි ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් හට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගය නරඹන්නට අවකාශය ලැබෙන මුත් ඒ සුළුතරයකට පමණක් වීමද විශේෂත්වයකි.

බොහෝ කලකට පසු වනිඳු හසරංග,දුශ්මන්ත චමීර,භානුක රාජපක්ෂ,චාමික කරුණාරත්න හා මහීෂ් තීක්ෂණ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයට එක්වීමත් සමඟ මෙරට ක්‍රීඩා ලෝලීන් ඉන්දීය ප්‍රිමියර් ලීගය ආරම්භ වනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි බවක් පෙනෙන්නට තිබුණි.

කෙසේ නමුත් ශ්‍රී ලාංකිකයින්ගෙන් සියයට 70 කට පමණ සජීවීව එම අවස්ථාව නැරඹීම මඟ හැරී තිබෙන බව සමීක්ෂණයකින් හෙලිව තිබේ.

අභාග්‍ය නම් බොහෝ අධියර සංඛ්‍යාවක් ලාංකේය ප්‍රේක්ෂකයන් හට අතිශය සමීප වූ මුත් අපේ යැයි කියන්නට එකෙකු නොසිටන කාල වකවානුවක නිමාව සනිටුවහන් වන තරඟාවලියක් නරඹන්නට ඇති අවකාශය විදුලි කප්පාදුව නිසා අහිමිවීමය.

එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට තිබුණු අවකාශය ද ඉදිරි දිනවලදී මගහැරී යනු ඇති අතර ඒ 4G හා 3G අන්තර්ජාල සම්ප්‍රේෂණ වේගයන් විදුලි කප්පාදුව නිසා අත්හිටුවීමට නියමිතව ඇති බැවිනි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7