Cricket NewsEXCLUSIVEIPL

තමන්ව ඉහළ මිලකට RCB විසින් මිලදී ගැනීම මුදල් නාස්තියක් යැයි කි බංගලාදේශ සහ ඇතැම් ඉන්දීය ප්‍රේක්ෂකයන්ට වනිදු සිය මායාකාරී පන්දුවෙන් දුන් සැර පිළිතුර.!

මෙවර IPL තරගාවලියේ 6වන තරඟය ලෙස වනිදු හසරංග ක්‍රිඩා කරන Royal Challengers Bangalore කණ්ඩායම සහ චාමික කරුණාරත්න සාමාජිකත්වය දරන Kolkata Night Riders අතර ඊයේ පැවති තරඟයෙන් කඩුලු 3ක ජයක් හිමි කර ගැනීමට Royal Challengers Bangalore ඊයේ සමත් වුනා.

ඒ අනුව පිටියට පිවිසි Kolkata පිතිකරුවන්ට පන්දුවාර 18 කුත් පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 128ක් පමණයි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ප්‍රතිවාදී පිතිකරුවන්ට සිය පන්දුවාර 4තුල ලකුණු 20 ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වූයේ Kolkata Night Riders පිතිකරණ බලඇණිය සුනුවිසුනු කරමිනි.

ඔහුට අනගි සහයක් ලබාදුන් Akash Deep ද කඩුලු 3ක් බිඳ හෙලූ අතර Harshal Patel කඩුලු 2ක් හෙලිමට සමත් වුනා.

වනිදු හසරංගව මෙවර IPL පිටියේ ඉන්දීය මුදලින් කෝටි 10කටත් අධික මුදලකට RCB විසින් මිලදී ගත අතර එතෙක් RCB කණ්ඩායමේ නිත්‍ය දඟ පන්දු යවන්නා වූ Yuzvendra Chahalව ඉවත් කර වනිදුව ලබා ගැනීම ඉන්දීය ප්‍රේක්ෂකයන් සහ RCB රසිකයන් එතරම් සතුටු දායක පුවතක් වුයේ නැහැ.

එතරම් ඉහල මිලකට වනිදු හසරංග නොවටිනා බවත් එය මුදල් නාස්තියක් බවත් ඔවුන් සමාජ මාධ්‍යන්හි සටහන් තබිමින් සිටි යා .

කෙසේ නමුත් මෙම සියලු චෝදනාවන්ට සිය මායාකාරී පන්දුවෙන් පිළිතුරු දීමට වනිදු සමත් වුයේ ප්‍රතිවාදීන්ගේ ප්‍රභල කඩුලු 4ක් බිඳ හෙලමින් මෙවර IPL තරඟාවලියේ ඉහලම කඩුලු ලාභියා බවටද පත් වෙමිනි.

වනිදුගේ එම සුපිරි පන්දු යැවීම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7