Cricket NewsEXCLUSIVE

චරිත් අසලංක අභිබවා යමින් මේ දක්වා LPL වෙන්දේසියේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඩිල්ශාන් මදුශංක පත් වෙයි!

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වැනි සංස්කරණය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට කොළඹදී පැවැත්වෙනවා.ඉතිහාසයේ පළමු වරට සජීවී ක්‍රීඩක වෙන්දේසියක අත්දැකීම මෙවර LPL ක්‍රීඩක වෙන්දේසිය තුලද අත්විඳීමට තිබීමත් විශේෂත්වයක්.

මේ දක්වා මෙවර LPL තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ වැඩිම මුදලකට මිලදී ගත් ක්‍රීඩකයා වූයේ චරිත් අසලංකයි.චරිත් වෙනුවෙන් JAFFNA KINGS කණ්ඩායම ඇමෙරිකානු ඩොලර් 80,000 ක ජයග්‍රාහී ලංසුවකට හිමිකම් කීවේය.

කෙසේ නමුත් යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක මෙවර LPL තරඟාවලිය සඳහා අමෙරිකානු ඩොලර් 92000 ක මුදලක් වැය කරමින් මිලදී ගන්නට JAFFNA KINGS කණ්ඩායම කටයුතු කලේය.

ඒ අනුව චරිත් අසලංක අභිබවා යමින් මේ දක්වා වෙන්දේසි වූ ක්‍රීඩකයින් අතුරින් ඉහළම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඩිල්ශාන් මධුශංක පත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
5
+1
3
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button