Cricket NewsEXCLUSIVE

දුර්වල දස්කම් හේතුවෙන් ඉන්දීය ජ්‍යේෂ්ඨයන් දෙදෙනෙකු ටෙස්ට් කණ්ඩායමෙන් ඉවතට – යසස්වි ජයිස්වාල් හා මුකේශ් කුමාර් ඉන්දීය ටෙස්ට් සංචිතයට !

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟය ඉන්දීය කණ්ඩායම ලකුණු 209 කින් පරාජය වීමත් සමඟින් ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙකුට එලඹෙන කොදෙව් සංචාරය අහිමි වීමට නියමිතව ඇති බව සඳහන්.

චෙටෙශ්‍වර් පුජාරා හා උමේශ් යාදව් නිමාව දුටු ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟයේ දැක්වූ දුර්වල දස්කම් හේතුවෙන් කොදෙව් සංචාරය සඳහා නම් කිරීමට නියමිත ටෙස්ට් සංචිතය සඳහා ඇතුලත් නොවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්ථා කර තිබුණේ.

එමෙන්ම රංජි කුසාලන තරඟාවලිය තුලදී හොඳින් දස්කම් අතර සිටි යසස්වි ජයිස්වාල් හා මුකේෂ් කුමාර් හට ඉන්දීය ටෙස්ට් සංචිතය සඳහා කැඳවීම් ලැබීමට නියමිත අතර ඔවුන් දෙදෙනාගෙන් යසස්වි ජයිස්වාල් හට ඉන්දීය ජාතික කණ්ඩායමේ දොරටු විවර වීමට නියමිතව තිබෙන බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
7
+1
10
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button