Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාවට වඩා ඉදිරියෙන් සිටින බව ශ්‍රි ලංකා නව නායක කුසල් මෙන්ඩිස් පවසයි.

ආබාධයකට ලක් වූ නායක දසුන් ශානක 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කිරීමෙන් පසු සිකුරාදා දිනයේදී නායකත්වයට පත් වූ කුසල් මෙන්ඩිස්, සඳුදා ලක්නව්හි ඒකනා ක්‍රීඩාංගණයේදී ඔවුන් මුහුණ දෙන ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට වැඪි වාසියක් ඇති බව විශ්වාස කරයි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව තරඟාවලියේ පළමු ජයග්‍රහණය අපේක්ෂාවෙන් පසුවන්නේ දෙපිලම තම පළමු තරඟ දෙක පරාජයට පත් වීම නිසාවෙනි.

නව නායක මෙන්ඩිස් පවසන්නේ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට වඩා ඉදිරියෙන් සිටින බවයි. “ඔව් අපි තරග දෙකක් පැරදුණා. නමුත් ඒ පාඩු දිහා බලනකොට මට හිතෙනවා අපි ඕස්ට්‍රේලියානුවන්ට වඩා ගොඩක් හොඳට කරලා තියෙනවා කියලා. යනුවෙන් කුසල් මෙන්ඩිස් සදහන් කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
Close
Back to top button