අයිපීඑල් කාන්තා කිරුළ දිනූ මන්දනාගේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට කෝටි 22ක්
ඉන්දීය ප්රිමියර් ලීග් කාන්තා ක්රිකට් ලීගයේ (WPL) ශූරියන් ලෙස කිරුළු පැලඳි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 6ක් (ශ්රී ලංකා රුපියල් කෝටි 22ක්) සමඟ කුසලානය පිරිනැමෙයි. ඉන්දීය සුපිරි පිතිකාරිනියක් වූ ශ්රීමතී මන්දනාගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් අවසන් මහා තරගයේදී දිල්ලි කැපිටල්ස් පිල කඩුලු 8ක ජයක් හිමිකර ගත්තේය.
දිල්ලිහි අරුන් ජෙට්ලි ක්රීඩාංගණයේදී පෙරේදා (17) රාත්රියේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස්ට පන්දුවාර 18.3කදී සියලු දෙනා දැවී ලකුණු 113ක් රැස්කළ අතර, බැංගලෝර් ක්රීඩිකාවෝ තරගයේ අවසන් ඕවරයේදී (19.3) කඩුලු 2ක් දැවී ජයග්රහණය වාර්තා කළහ. නායිකා ශ්රීමතී මන්දනා ලකුණු 31ක් හා සොපී ඩ්වයින් ලකුණු 32ක් හා එලියිස් පෙරී නොදැවී ලකුණු 35ක් ලබා ගත්හ.
වසර 16ක අයිපීඑල් තරගාවලි ඉතිහාසයේ බැංගලෝර් පිරිමි කණ්ඩායමට මේ දක්වා කිරුළක් දිනා නොමැති පසුබිමක කාන්තා පිල පළමු ශූරතාව දිනා ගැනීමට සමත් විය.
තරගයේ දක්ෂතම ක්රීඩිකාව ලෙස ලෙස දිල්ලි කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු 20කට දවාගත් සොපී මොලිනුක්ස් සම්මාන දිනාගත් අතර, තරගාවලියේ ක්රීඩිකාවට හිමි සම්මානය ලකුණු 295ක් හා කඩුලු 10ක් බිඳ හෙලූ වොරියර්ස් කණ්ඩායමේ දීප්ති ශර්මා දිනා ගත්තාය.