Cricket GossipCricket NewsEXCLUSIVE
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර අනුස්මරණ ක්‍රිකට් තරගය 7 දා පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා මෙන්ම හෙන්රි ස්ටීල් ඕල්කට් පදනමේ පළමු සභාපතිවරයාද වූ බන්දුල වර්ණපුර මහතා අනුස්මරණය කිරීම සඳහා වන ක්‍රිකට් තරගය ලබන 7 වැනිදා කොළඹ වෙළෙඳසේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එදින පෙරවරු 10.30 ට ආරම්භ වන තරගයේදී වෙළෙඳසේවා ක්‍රිකට් සංගම් කණ්ඩායම සහ ඕල්කට් පාසල් කණ්ඩායම තරග වදිනු ඇත.
රෝහණ දිසානායක වෙළෙඳසේවා කණ්ඩායමේ නායකත්වය දරන අතර අර්ජුන රණතුංග ඕල්කට් පාසල් කණ්ඩායමේ නායකත්වය දරයි.
