Cricket GossipCricket NewsEXCLUSIVEInternational

ගෙදර එන්න කලින් අවසන් තරගයට යන්න ලෑස්ති උන සිංහයන්ට තවත් අකරතැබ්බයක් !

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ක්‍රීඩා කරන අවසන් තරගයට සහභාගි වීම සඳහා ⁣⁣ශාන්ත ලුසියා දූපත බලා යෑමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ගුවන් ගමන අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිනකින් ප්‍රමාද විය.

නෙදර්ලන්තයට එරෙහිව එළඹෙන 16 වැනිදා පැවැත්වෙන තරගයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම, ෆ්ලොරිඩා වේලාවෙන් පෙරේදා (12 වැනිදා) පස්වරු 6.00 ට පමණ පෝට් ලෝඩර්ඩේල් ගුවන්⁣ තොටු⁣පොළින් ශාන්ත ලුසියා බලා පිටත්ව යෑමට නියමිතව සිටියේය.

කෙසේ වුවත් පෙරේදා අළුයම සිට නෙකඩවා ඇද හැළුණු ධාරිනිපාත වර්ෂාව හේතුවෙන් පෝට් ලෝඩර්ඩේල් ගුවන් තොටුපොළින් පිටත්වීමට නියමිතව තිබූ ⁣ගුවන්යානා
රැසක් අවලංගු කර දැමුණු අතර ඇතැම් ගුවන්යානා පැය ගණනක ප්‍රමාදයකින් පසුව ගුවනගත විය.

ගුවන් තොටුපොළ අවට ප්‍රදේශ රැසක්ම ජලයෙන් යටවී තිබීම හේතුවෙන් ඊට පිවිසීමේ මාර්ග අවහිර වී තිබූ අතර ඇතැම් ප්‍රදේශවලට ගංවතුර අවධානමක් ඇති බවටද නිවේදනය කෙරිණ. මේ හේතුවෙන් දිනකින් ප්‍රමාද වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාන්ත ලුසියා ගමන ඊයේ (13 වැනිදා) රාත්‍රී 8.00 ට පමණ යළි පිටත්වීමට කටයුතු යොදා තිබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
5
+1
1
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button