Cricket NewsEXCLUSIVEInternational

බංගලාදේශය පරාජයට පත්කරමින් ඉන්දියාව අපරාජිතව ඉදිරියට යයි.

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිර 8‍ දෙනාගේ වටය යටතේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඇන්ටිගාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ‍අද (22 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 50 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. මෙවර තරගාවලියේදී ඉන්දියාව පිට පිටම ලැබූ 6 වැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග තවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමටද ඔවුහු සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 146 ක් පමණි. බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක නජ්මුල් හො‍සේන් පන්දු 32 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 40 ක් රැස්කළ නමුත් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ‍ඔහුට නොහැකි විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කුල්දීප් යාදව් සිය ඕවර 4 ලකුණු 19 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර බංග්ලාදේශයේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ජස්ප්‍රීට් බුම්රා සහ අර්ෂ්දීප් සිං කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 196 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 27 කදී හයේ පහර 3 ක් සහ හතරෙ පහර 4 ක් සමග නොදැවී ලකුණු 50 ක් රැස්කරමින් ඉන්දීය ඉනිම සවිමත් කළේය.

විරාට් කෝලි පන්දු 24 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 37 ක්ද, රිෂාබ් පාන්ට් පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 36 ක්ද රැස්කරමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූ අතර ශිවම් ඩූබේ පන්දු 24 කින් ලකුණු 34 ක් රැස්කළේ හ‍යේ පහර 3 ක් සමගිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button