Cricket GossipCricket NewsEXCLUSIVEInternational

මහේල ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ උප­දේ­ශක පුහු­ණු­කරු ලෙස කට­යුතු කළ මහේල ජය­ව­ර්ධන මහතා වහාම ක්‍රියා­ත්මක වන පරිදි සිය ධුර­යෙන් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය ද මේ සම්බ­න්ධ­යෙන් නිවේ­ද­න­යක් නිකුත් කර ඇති අතර, මහේල, ඔහුගේ ධුර කාලය තුළ ජාතික කණ්ඩා­යම් පරි­සර පද්ධ­තියේ සහ ඉහළ කාර්ය සාධන මධ්‍ය­ස්ථා­නයේ ව්‍යුහයේ සැල­කිය යුතු වෙන­ස්කම් ක්‍රියා­ත්මක කිරී­මට උප­කා­රීවී ඇතැයි එම නිවේ­ද­න­යෙන් දැක්වේ.

ශ්‍රී ලංකා පිල ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ දැක්වූ දුර්වල ක්‍රීඩා විලා­ශය හේතු­වෙන් මහේලට ද චෝදනා එල්ල විය.

මෙවර ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට එක්වූ ශ්‍රී ලංකා පිලට මූලික වට­යෙන්ම ඉව­තට විසි­වී­මට සිදු වූයේ දකුණු අප්‍රි­කාව හමුවේ සහ බංග්ලා­දේ­ශය හමුවේ පරා­ජය වීම හේතු­වෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button