විස්සයි20 ලෝක කණ්ඩායම නම් කරයි – විරාට් කෝලිගෙ නම හැලෙයි
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කළ අයිසීසී විස්සයි20 ලෝක කණ්ඩායමට ශූරතාව දිනූ ඉන්දීය පිලේ ක්‍රීඩකයන් 6 දෙනකු ඇතුළත් වන බව වාර්තා වේ. ලෝක ශූර ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මා නායකත්වයට නම් කරමින් පසුගියදා අයිසීසීය නිකුත් කළ විස්සයි20 ලෝක කණ්ඩායමට මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වූ ඇෆ්ගනිස්තාන පිලේ ක්‍රීඩකයන් තිදෙනකු ද ඇතුළත් වන අතර, සුපිරි අට වටයට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම්වල ක්‍රීඩකයන් ද ඒ අතරට එක්වී සිටිති. මෙහි කැපී පෙනෙන විශේෂත්වය වන්නේ අවසන් පූර්ව වටයට පිවිසි දකුණු අප්‍රිකාවේ හෝ එංගලන්ත පිලේ කිසිදු ක්‍රීඩකයකු එම කණ්ඩායමට ඇතුළත් නොවීමය. දකුණු අප්‍රිකානු පිලේ ඇන්රිච් නෝයේ 12 වැනි ක්‍රීඩකයා ලෙස නම් කර තිබේ. ඒ අනුව ලෝක කණ්ඩායමට ඇතුළත් වී ඇත්තේ රටවල් 4කට අයත් ක්‍රීඩකයන් පමණි.
ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයන් වන හර්ෂ බොග්ලේ, ඉයන් බිෂොප් සහ කාස් නයිදු සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් සාමාන්‍යාධිකාරි වසීම් ඛාන් ලෝක කණ්ඩායමේ තේරීමේ කමිටුවට ඇතුළත් වූහ.
අයිසීසී විස්සයි20 ලෝක කණ්ඩායම මෙසේය.
රෝහිත් ෂර්මා (නායක), සූර්යකුමාර් යාදෙව්, හර්දික් පාණ්ඩ්‍යා, අක්ෂාර් පටේල්, ජස්ප්‍රිට් බුම්රා සහ අර්ෂ්දීප් සිං (ඉන්දියාව), රහ්මනුල්ලා ගුර්බාස්, රෂීඩ් ඛාන් සහ ෆසාල්හක් ෆරූකි (ඇෆ්ගනිස්තානය), නිකොලස් පූරන් (බටහිර ඉන්දීය කොදෙව්) සහ මාකස් ස්ටොයිනිස් (ඔස්ට්‍රේලියාව)