Cricket NewsEXCLUSIVEInternational

“මේ තරගමාලාවෙන් හොඳ ආරම්භයක් ලබාගන්න අපි බලාපොරොත්තු වෙනවා” – ශ්‍රි ලංකා නායක චරිත් අසලංක

දෙවතාවක්ම විස්සයි20 ලෝක ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් පිල මේ වන විට අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව 3 වැනි ස්ථානයේ පසුවේ. ශ්‍රී ලංකාව තවමත් 8 වැනි ස්ථානයේ පසුවේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නායක චරිත් අසලංක මෙම තරඟාවලිය නව ආරම්භයක් ලෙස සලකයි.

“කණ්ඩායමක් හැටියට, මෙම තරඟාවලිය අලුත් ආරම්භයක් ලෙසින් සැලකීමට අපි බලාපොරොත්තු වෙනවා.”

“පසුගිය විස්සයි-20 ක්‍රිකට් තරගාවලි කිහිපයම අපි පරාජයට පත්වුණා. ඒත් අපි දන්නවා පිටියේදී අපි ඊට වඩා වැඩි ජවයක් පෙන්විය යුතුයි කියලා…..”

“මේ තරගමාලාවෙන් හොඳ ආරම්භයක් ලබාගන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ අද (12 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී චරිත් අසලංක පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button