Cricket GossipCricket NewsEXCLUSIVEInternational

නාය­ක­යාට ඇඟිල්ල දිගු­කොට බැණ වැදුණු අල්සා­රිට වැඩ වරදී !

එංග­ල­න්තය සමඟ පැවැති තුන්වැනි එක්දින තර­ග­යේදී බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක ෂායි හෝප් සමඟ ඇති වූ වචන හුව­මා­රු­ව­කින් පසු කෝප­යට පත් වේග පන්දු යවන අල්සාරි ජෝසප් නාය­ක­යාට ප්‍රසි­ද්ධියේ ඇඟිල්ල දිගු­කොට බැණ­වැදී පිටි­යෙන් ඉව­තට යෑමට එරෙ­හිව කොදෙව් ක්‍රිකට් ආය­ත­නය අල්සාරි ජෝසප්ට එරෙ­හිව තරග 2ක තහ­න­මක් පනවා ඇත.

අල්සාරි ජෝසප්ගේ ක්‍රියාව මහ­ත්ව­රුන්ගේ ක්‍රීඩා­වට ‍නොවටින පහත් ක්‍රියා­වක් බවට ප්‍රබල විවේ­චන එල්ල­වී­මත් සමඟ මෙම තීර­ණය ඊයේ ප්‍රකා­ශ­යට පත් වූවේය. බට­හිර ඉන්දීය කොදෙව් බ්‍රිජ්ට­වුන්හි පෙරේදා පැවැති මෙම තර­ග­යේදී අල්සාරි ජෝසප් පිටි­යෙන් ඉව­තට යෑමත් සමඟ කොදෙව් පිල ක්‍රීඩ­ක­යින් 10 දෙනෙකු සමඟ පිටියේ රැඳී සිටි­යේය.

තර­ගයේ සිවු­වැනි ඕව­රයේ පළමු පන්දුව යැවී­මෙන් පසු අල්සාරි ජෝසප් නාය­කයා වෙත පැමිණ පන්දු යව­න්නන් රඳ­වා­ගත යුතු ආකා­රය පිළි­බ­දව යම් කතා බහක් ඇති­ක­ර­ගත් අතර, ඊළඟ පන්දු­වේදී පන්දු යවන්නා නාය­කයා වෙතට පැමිණ ඇඟිල්ල දිගු­කොට බැණ වැදුණි. ඔහු සිව්වැනි පන්දු­වේදී කඩු­ල්ලක් දවා ගැනී­මට සමත් වුවද, ඕව­රය නිමා­වී‍මෙන් පසු අම­නා­ප­යෙන් යුතුව ක්‍රීඩා පිටි­යෙන් ඉවත්වී ගියේය. කෙදෙව් පුහු­ණු­කරු ඩැරන් සැමී ක්‍රීඩා­ගා­ර­යෙන් පිටත හතරේ සීමාව අස­ලට පැමිණ වේග පන්දු යව­න්නාගේ කෝපය සන් සිඳු­වී­මට උත්සාහ කළ ද එය ව්‍යව­ර්ථවී ගියේය.

මෙම තර­ග­යෙන් බට­හිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 8ක ජයක් ලැබූ අතර, තර­ගා­ව­ලිය 2-1ක් ලෙස ජය ගැනී­මට ද සමත් විය. ආර­ම්භක පිති­කරු බ්‍රේන්ඩන් කිං ලකුණු 102ක් ලබා ගත් අතර, කේසී කාර්ටි නොදැවී ලකුණු 128ක් ලබා ජය තහ­වුරු කර ගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button