Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ 28 සිට නව­සී­ලන්තයේ තරඟ සංචාරයකට එක්වේ.

සීමිත ඕවර තරග සංචා­ර­ය­කට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම මේ මස අග භාග­යේදී නව­සී­ල­න්තය බලා පිටත්ව යෑමට නිය­මි­තය. එහිදී ශ්‍රී ලංකාව සහ නව­සී­ල­න්තය අතර තරග 3 බැගින් සම­න්විත විස්සයි20 සහ එක්දින තර­ගා­වලි දෙකක් පැවැ­ත්වී­මට නිය­මි­තය.

දෙපිල අතර විස්සයි20 තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් පළමු තර­ගය මේ මස 28 වැනිදා මවුන්ට් මුන්ගු­නා­යිහි බේ ඕවල් පිටි­යේදී පැවැත්වේ. දෙවැනි තර­ග­යත් බේ ඕවල් පිටි­යේ­දීම පැවැ­ත්වෙන්නේ මේ මස 30 වැනි­දාය. ලබන වසර ආරම්භ කර­මින් තර­ගා­ව­ලියේ අව­සන් විස්සයි20 තර­ගය ලබන මස 2 වැනිදා නෙල්ස­න්හිදී පැවැ­ත්වෙන අතර, එක්දින තර­ගා­ව­ලිය 5 වැනිදා වෙලිං­ට­න්හිදී ආරම්භ වෙයි. දෙවැනි සහ තෙවැනි තරග පිළි­වෙ­ළින් ජන­වාරි 8 සහ 11 දින­වල පැවැ­ත්වෙන්නේ හැමි­ල්ටන් සහ ඔක්ල­න්ඩ්ව­ල­දීය.

ශ්‍රී ලංකා පිල අව­සන් වරට පසු­ගිය වසරේ අප්‍රේල් මස නව­සී­ල­න්තයේ සංචා­ර­යක නිරත වූ අතර, එහිදී තරග 3කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලිය 2-1ක් ලෙසත්, තරග 3කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලිය 2-0ක් ලෙස ජය ගැනී­මට නව­සී­ල­න්තය සමත් විය.

තරග කාල­ස­ට­හන 

දෙසැ. 28 පළමු විස්සයි20 තර­ගය

(මවුන්ට් මුන්ගු­නා­යි­හිදී)

දෙසැ. 30 දෙවැනි විස්සයි20 තර­ගය

(මවුන්ට් මුන්ගු­නා­යි­හිදී)

ජන. 2 තෙවැනි විස්සයි20 තර­ගය

(නෙල්ස­න්හිදී)

ජන. 5 පළමු එක්දින තර­ගය

(වෙලිං­ට­න්හිදී)

ජන. 8 දෙවැනි එක්දින තර­ගය

(හැමි­ල්ට­න්හිදී)

ජන. 11 තෙවැනි එක්දින තර­ගය

(ඕක්ල­න්ඩ්හිදී)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button