Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා­ සංචාරයට පෙර ඔස්ට්‍රේ­ලියා ක්‍රීඩ­ක­යන් 6කට විවේ­කයක් – සංචා­ර­යට පෙර ඩුබා­යි­වල පුහුණු සැසි­යක්ද පවත්වයි

ශ්‍රී ලංකාවේ සංචා­රය කිරී­මට නිය­මිත ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් පිලේ මුල් පෙළේ ක්‍රීඩ­ක­යන් 6ක් විවේක ගැන්වී­මට එරට ක්‍රිකට් ආය­ත­නය පිය­වර ගනී. ක්‍රීඩ­ක­යන් හත­ර­කට ඔස්ට්‍රේ­ලි­යාවේ ප්‍රධා­න­තම බිග්බෑෂ් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කිරීම සීමා කොට ඇති අතර, තවත් 4ක් එම තර­ගා­ව­ලි­යට නිද­හස් කර­මින් කණ්ඩා­යම කළ­ම­නා­ක­ර­ණ­ය­කට ලක් කොට තිබේ.

ට්‍රැවිස් හෙඩ්, ස්කොට් බෝලන්ඩ්, පැට් කමින්ස්, ජොෂ් හේස­ල්වුඩ්, නේතන් ලයන් හා මිචෙල් ස්ටාක් යන ක්‍රීඩ­ක­යන් බිග්බෑෂ් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා නොකර විවේක ගැන්වී­මට නියම කොට ඇති අතර ස්ටීව් ස්මිත්ට බිග්බෑෂ් තරග 3ක්, මානස් ලබු­චේන්ග්ට, උස්මාන් කවා­ජාට හා නවක ක්‍රීඩක සෑම් කොන්ස්ටාස්ට එක් තර­ග­ය­කට අව­ස­රදී ඇත. ඇලෙක්ස් කෙරී, බේ වබ්ස්ටාර්, මිචෙල් මාෂ් හා ජෙයි රිච­ඩ්සන් යන ක්‍රීඩ­ක­යන්ට බිග්බෑෂ් තර­ගා­ව­ලි­යට පූර්ණ අව­ස­රය හිමිව තිබේ.

තරග දෙක­කින් සම­න්විත ශ්‍රී ලංකා – ඔස්ට්‍රේ­ලියා ටෙස්ට් තර­ගා­ව­ලිය මේ මස 29 වැනිදා ආරම්භ වන අතර, 19 දා ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් පිල විශේෂ පුහුණු සැසි­යක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යනු ඇත. ඩුබායි ක්‍රීඩාං­ග­ණයේ පුහුණු සැසි­යෙන් පසු 20 වැනිදා ඔවුහු ශ්‍රී ලංකා­වට පැමි­ණෙති.

මේ 29 සහ ලබන 6 ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී ශ්‍රී ලංකා – ඔස්ට්‍රේ­ලියා ටෙස්ට් තරග දෙක ආර­ම්භ­වන අතර, එකම එක්දින ජාත්‍ය­න්තර තර­ගය හම්බ­න්තොට මහින්ද රාජ­පක්ෂ ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ලබන මස 13 වැනිදා පැවැත්වේ.

ඔස්ට්‍රේ­ලි­යාව මේ වන විටත් ලෝක ටෙස්ට් ශූරතා අව­සන් මහා තර­ග­යට සුදු­සු­කම් ලබා ඇති අතර එහිදී ඔවුන් දකුණු අප්‍රි­කාව සමඟ ලෝඩ්ස් පිටි­යේදී හමු­වී­මට නිය­මි­තයි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button