Cricket NewsEXCLUSIVEInternational

පැතුම්ට හා මෙන්ඩිස්ට පළමු ටෙස්ට් තර­ගය අහිමි වන ලකුණු..!

කොළඹ එස්එස්සී හා සීසීසී අතර සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාං­ග­ණයේ ඊයේ නිමා­වට පත්වූ පළමු පෙළ ක්‍රිකට් තර­ග­යේදී උඩ­ප­න්දු­වක් ලබා­ගැ­නී­මට උත්සාහ කිරී­මේදී කමිඳු මෙන්ඩිස් ආබා­ධ­ය­කට ලක් විය. පෙරේදා දින­යේදී ඔහු‍ගේ අත තුවා­ලවී ඇති අතර, එයට මැහුම් 2ක් දැමී­මෙන් පසු එම තර­ග‍යෙන් ඉව­ත්කොට විවේක ගන්වා තිබේ.

මේ හේතු­වෙන් එළැ­ඹෙන ඔස්ට්‍රේ­ලි­යානු ටෙස්ට් හා එක්දින තර­ගා­ව­ලිය සඳහා කමිඳු මෙන්ඩිස්ගේ ආබා­ධය ගැට­ලු­කාරී තත්ත්ව­යක් බවට පත්ව ඇත. කෙසේ වුවද වෛද්‍ය­වරු විශ්වා­සය පළ කරන්නේ ඔස්ට්‍රේ­ලි­යානු ටෙස්ට් තර­ගා­ව­ලිය ආර­ම්භ­වී­මට තවත් දින 9ක කාල­යක් ඇති බැවින් කමිඳු මෙන්ඩිස්ගේ ආබා­ධය සුව අතට පත්වීමේ වැඩි ඉඩ­ක­ඩක් ඇති බවය. එසේ වුව­හොත් කමිඳු මෙන්ඩිස්ට ටෙස්ට් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කිරීමේ අව­ස්ථාව උදාවේ.

එහෙත් පසු­ගිය නව­සී­ලන්ත සංචා­ර­යේදී ආබා­ධ­ය­කට ලක්වූ පැතුම් නිස්සංක තව­මත් සුව අතට පත්ව නැති හෙයින් එළැ­ඹෙන ඔස්ට්‍රේ­ලි­යානු ටෙස්ට් තර­ගා­ව­ලියේ පළමු ටෙස්ට් තර­ග­යට ක්‍රීඩා කිරීම සැක සහි­තවී තිබේ. නිමා­වට පත්වූ නව­සී­ලන්ත සංචා­රයේ අව­සන් එක්දින තර­ග­යේදී නිස්සංක ආක්‍ර­ම­ණ­ශීලී පිති­ක­ර­ණ­යක නිරත වෙමින් පන්දු 42කදී හයේ 5ක් හා හතරේ 6ක් සමඟ ලකුණු 66ක් ලබා­ගත් අතර, ඉඟ­ටිය පෙදෙසේ ඇතිවූ ආබා­ධ­යක් හේතු­වෙන් එම්ආ­ර්අයි ස්කෑන් පරී­ක්‍ෂ­ණ­යක් සිදු කොට විවේක ගන්වා තිබේ.

තරග දෙක­කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය ජන­වාරි 29 වැනිදා ආරම්භ වන අතර, ශ්‍රී ලංකා ටෙස්ට් සංචි­තය අද සිට ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පුහු­ණු­වීම් ආරම්භ කිරී­මට නිය­මි­තය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button