Cricket NewsEXCLUSIVEInternational

දඟ කැවෙන තණතිලිවල ලකුණු ගහන්න අමාරුයි – ධනංජය පරාජයට හේතු කියයි.

ශ්‍රී ලංකාවේදී දඟ පන්දු යවන්නන්ට උචිත තණතීරුවල ක්‍රීඩා කිරීම ගැන නැවත සිතා බැලීමට කාලය උදාවී ඇතැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පැවසීය. ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලැබූ තරගාවලි පරාජයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා මේ බව පැවසීය.

දඟ පන්දුවට උචිත මෙවැනි තණතිලිවල කැපී පෙනෙන වාර්තා තබා ගැනීම දුෂ්කර බවත්, පිතිකරුවන්ට උචිත හොඳ තණතිලිවලදී කඩුලු ලබා ගැනීමට අපේ පන්දු යවන්නන් ඉතා දක්ෂ විය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

“දෙපැත්තටම වාසි ගෙන දෙන තණතිලිවල ක්‍රීඩා කිරීම පිළිබඳ යළි සිතා බැලිය යුතුයි. මොකද මේ තණතිලිවල ලකුණු ගහන්න අමාරුයි. අපේ පිතිකරුවන්ගේ ලකුණු සාමාන්‍ය ගත්තොත්, ඒවා අනෙක් රටවල පිතිකරුවන්ට වඩා අඩුයි. ඒ ඇයි කියලා ඔබට තේරෙනවා ඇති. මොකද අපි දඟ පන්දු යවන්නන්ට හිතකර තත්ත්වයන් යටතේ පන්දුවට පහර දෙන නිසා ඒ දේ සිදුවෙනවා”

“පිතිකරුවකු ලෙස, මම ශ්‍රී ලංකාව තුළ ඇති අනෙක් ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීමට කැමතියි. ඒ තණතිලිවල මගේ වාර්තා වඩා හොඳයි. අපේ පිතිකරුවන් ඉතා හොඳින් දඟ පන්දු යවන්නන් ඉදිරියේ ක්‍රීඩා කරනවාද යන්න පිළිබඳව නිසැකවම ප්‍රශ්නයක් තිබෙනවා. මේ තණතිල්ලේ ආරක්ෂාකාරීවීම අපහසු බව ඔවුන් තේරුම් ගත්තා. ඒ නිසා දෙපැත්තට පහරවල් එල්ලකොට අපට පීඩනය වැඩි කළ” ධනංජය පැවසීය.

2020 සිට ශ්‍රී ලංකාව ගාලු ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග 15න් 8ක් ජයගෙන ඇති අතර, 7ක් පරාජයට පත්ව තිබේ. මේ තරගවලදී ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්තානය හමුවේද පරාජයට පත්ව ඇත.

කෙසේ වෙතත්, කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණය, එස්එස්සී හා පල්ලෙකැලේ ක්‍රීඩාංගණවලදී ද ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරගවලදී දක්ෂතා දක්වා ඇති හෙයින් ගාලු ක්‍රීඩාංගණයේ ලද පරාජය හමුවේ යළි ඒ අතීතය මතකයට නැගීම සිදුවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button