Cricket NewsEXCLUSIVELPL

අබුඩාබි T10 තරඟාවලිය පුරා සිය අණසක පැතිර වූ “තරඟාවලියේ වීරයා” වනිඳු හසරංග ඇතුළු ක්‍රිඩකයන් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිනෙයි.!

පසුගිය දිනවල අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමිනි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණ ලොව වේගවත්ම ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන අබුඩාබි T10 තරගාවලිය ඊයේ නිමා වූවා.

එහිදී ප්‍රථම වරට ලොව වේගවත්ම තරගාවලියේ ශූරයන් බවට පත්වීමට Deccan gladiators කණ්ඩායම සමත් වූ අතර තරගාවලියේ වීරයා බවට පත්වූයේ තරගාවලිය පුරාවට කඩුලු 21ක් දවා ගනිමින්, එක් තරඟ වාරයක වැඩිම කඩුලු ලාභියා බවට පත්වූ ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගයි.

කෙසේ නමුත් ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගමාලාව අද රාත්‍රියේ පැවැත්වෙන Jaffna Kings කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව මෙවර LPL 2021 තරඟාවලියේ Jaffna Kings කණ්ඩායම නියෝජනය කරන T10 තරඟාවලියේ වීරයා වනිදු හසරංගත් ඉසුරු උදාන සහ වහාබ් රියාස් ඇතුලු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මීට සුලු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියා.

ඒ අනුව අද රාත්‍රියේ පැවැත්වෙන තරඟයේදි පසුගිය වසරේ ශූරයන් වන Jaffna Kings කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග Galle Gladiators කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට ද නියමිත බව වාර්තා වනවා.

01

02

03

04

05

06

07

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button