Cricket NewsEXCLUSIVELPL

සුපිරි ක්‍රිකට් තරු පිරිවරා ඇරඹෙන ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළියේ ආරම්භය අදයි – ශූරයන් සහ අනූශුරයන් මුහුණට මුහුණ සටනට සූදානම්.!

සුපිරි ක්‍රිකට් තරු පිරිවරා, ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රිකට් සැණකෙලි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹීමට නියමිතය.

තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව ඇත්තේ පසු ගිය වසරේ ශුරයන් බවට පත් වූ තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ අනුශුරයන් බවට පත් වූ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

එම තරගයට පෙර මෙවර LPL 2021 තරගාවලියේ සමාරම්භක උත්සවය පස්වරු 6 ට ආරම්භ වීමට නියමිත අතර ලබන 23 වනදා දක්වා පුරා සති තුනක කාලයක් මෙරට ක්‍රිකට් රසිකයන්ට ශ්‍රී ලංකේය සුපිරි ක්‍රිකට් අත්දැකීම විඳීමේ අවස්ථාව හිමි වනවා.

තරග 20කින් යුත් පළමු වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද, අවසන් වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී ද අවසන් වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදීද පැවැත්වීමට මේ වන විටත් සැළසුම් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ අනුව තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයට ඇතුළු කළ හැකි ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50% ක ප්‍රතිශතයකට තරග නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට ඇතුළු වීමේ අවසරය හිමිවේ. කෙසේ වෙත්ත එම අවසරය ලබා දීමේදී එන්නත් මාත්‍රා ද්විත්වම ලබාගත් ප්‍රේක්ෂකයින්ට පමණක් ක්‍රීඩාංගණයට ඇතුළු කිරීමට පියවර ගනු ලැබේ. ඒ අනුව තරගය නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයින් අවසන් මාත්‍රාව අවම වශයෙන් දින 14 කට පෙර සම්පූර්ණ කර තිබෙන බවට තහවුරු කළ හැකි එන්නත් පත්‍රිකාවද රැගෙන ඒම අනිවාර්ය වනු ඇත.

රුපියල් 300, 1000, 2000, 3000 සහ 5000 යන මිල පරාසයන් 5 ක් යටතේ වන ප්‍රවේශ පත්‍ර මිලදී ගනිමින් මෙවර තරගාවලිය නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදාවී තිබේ. මීට අමතරව bookmyshow.com හෝ daraz.lk යන අන්තර්ජාල වෙබ් අඩෙවි ඔස්සේද ප්‍රවේශ පත්‍ර ඇනවුම් කිරීමේ හැකියාව පවතින අතර එම සියලු ප්‍රවේශ පත්‍ර ක්‍රීඩාංගනය තුලින්ද ලබා ගත හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7