Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය තාවකාලිකව රුමේෂ් රත්නායකට හිමිවන ලකුණු.!

හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක මේ මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මිකී ආතර්ගේ පුරප්පාඩුව සඳහා අයදුම් පත් යොමු කල අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර, ඉදිරියේදී එහි අවසන් තීරණය පිලිබඳව දැනුම් දීමට නියමිතය.

ඒ අනුව මේ මස සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා රුමේශ් රත්නායක තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.පුහුණුකරුකු ලෙසින් හසල අත්දැකීම් රැසක හිමි කරුවෙකුද ලෙස රුමේශ් රත්නායක ප්‍රචලිතය.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම්කරුවන්ගෙන් කිසිවකු නොසළකා ඒ වෙනුවට ඔවුන් හොඳින් හඳුනන අයෙකු වෙත යොමුවීමට ඉඩ ඇති බව ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ජනවාරි 16 වැනිදා සිට 21 වැනිදා දක්වා එක්දින තරග තුනකට සිම්බාබ්වේ පිලට සත්කාරකත්වය ලබාදීමට ශ්‍රී ලංකාව නියමිතය. සියලුම තරග පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ලබන මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 5ක් සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් ඉන් පසුව ටෙස්ට් තරඟ 2ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 3ක් සඳහා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය.

ඕස්ට්‍රේලියානු සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන පුහුණුකරුවෙකු නම් කිරීමට බලාපොරොත්තු වන බවද ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button