Cricket NewsEXCLUSIVE

ලෝකප්‍රකට වෙබ් අඩවිය විසින් නම් කරන ලද “2021 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් කණ්ඩායම්” සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නම් වෙයි.!

ගෙවී ගිය 2021 වසරේ ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන ක්‍රිකට් ආකෘතීන් වල ක්‍රීඩකයින් දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමින් ලෝකප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන ESPNcricinfo ආයතනය වසරේ විශිෂ්ටතම ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 ලෝක කණ්ඩායම් නම් කර තිබෙනවා.

විශේෂත්වය වන්නේ මෙම නම් කරන ලද කණ්ඩායම් තුනටම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් නම් වී තිබීමයි.

කලකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය පිළිබඳව මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට තිබූ ප්‍රශ්නාර්ථයටද මේ වන විට නැවුම් බලාපොරොත්තු සහිත විසඳුමක් ලැබී තිබෙන බව නොරහසක්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙලෙස ගෙවී ගිය 2021 වසරේ දැක්වූ දස්කම් ක්‍රිකට් ලෝකයේ ප්‍රවීණ විචාරකයින්ගේ පවා විශේෂ ඇගයීමකට ලක්ව තිබුණා.

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නොසිතූ පෙරළියක් සිදු කිරීමට සමත් වුයේ විචාරක දෑස් තමන් දෙසට යොමු කර ගනිමිනි.

ESPNcricinfo වෙබ් අඩවිය විසින් නම් කරන ලද 2021 වසරේ විශිෂ්ටතම ටෙස්ට් කණ්ඩායම

රෝහිට් ෂර්මා, දිමුත් කරුණාරත්න, මර්නස් ලබුෂේන්, ජෝ රූට් (නායක), ෆවඩ් අලාම්, රිෂාබ් පාන්ට්, ආර්. අශ්වින්, ක්යිල් ජමීසන්, හසන් අලී, ඔලී රොබින්සන්, ශහීන් ශාහ් අෆ්රිඩි

ESPNcricinfo වෙබ් අඩවිය විසින් නම් කරන ලද 2021 වසරේ විශිෂ්ටතම එක්දින කණ්ඩායම

පෝල් ස්ටර්ලින්ග්, ෆකාර් සමාන්, බබාර් අසාම්(නායක), රසී වැන් ඩර් ඩුසේන්, ශකිබ් අල් හසාන්, මුෂ්ෆිකර් රහීම්, වනිදු හසරංග, සිමි සිං, ජොෂ් ලිට්ල්, දුෂ්මන්ත චමීර, මුස්ටර්ෆිසුර් රෙහ්මාන්

ක්‍රික්ඉන්ෆෝ නම් කළ වසරේ විස්සයි-20 කණ්ඩායම

බබාර් අසාම්(නායක), මොහොමඩ් රිස්වාන්, මොයීන් අලී, ග්ලේන් මැක්ස්වෙල්, ලියම් ලිවින්ග්ස්ටන්, ග්ලේන් පිලිප්ස්, වනිදු හසරංග, හර්ෂාල් පටෙල්, රෂීඩ් ඛාන්, මුස්ටර්ෆිසුර් රෙහ්මාන්, ශහීන් ශාහ් අෆ්රිඩි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7