Cricket NewsEXCLUSIVELPL

LPL 2022 “නිළ ලාංජනය” නිර්මාණය කිරීමේ අවස්ථාව ක්‍රිකට් රසිකයන්ට ලබා දෙයි – මෙරට අති දක්ෂ Graphic නිර්මාණ කරුවන්ට සුපිරි අවස්ථාවක්.!

ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවට අලුත්ම පරිච්ඡේදයක් එක් කරමින් 2020 වසරේ ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග්(LPL) තරගාවලිය අතිසාර්ථකව පසුගිය වසරේ දෙවන වරටත් පැවැත් වුණා.

මෙම වසරේ පැවැත්වීමට නියමිතව ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග් තුන්වන අදියරයි.

මෙවර පැවැත්වෙන LPL 2022 හි නිළ ලාංජනය (Logo) වඩාත් ආකාර්ශනීය ලෙස නැවත නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබෙනවා.

මේ අතර ක්‍රිඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවර ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගමාලාව සම්බන්ධයෙන් නවතම තීරණයක් ගෙන තිබෙනවා.

එනම් එම LPL ක්‍රිකට් තරගාවලියේ නිල ලාංඡනය නිර්මාණය කිරීම සඳහා ‍ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

නවමු ආකාරයේ තීරණයක් වන මෙම තීරණය ශ්‍රී ලංකාවේ සිටින අති දක්ෂ නිර්මාණ කරුවන්ට කදිම අවස්ථාවක් වනවාට සැකයක් නැහැ.

ඔබ විසින් නිර්මාණය කරන ලද Logoව පහත සබැඳිය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දෙන්න >>> https://bit.ly/3KmQQYV

ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තැබු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button