Cricket NewsEXCLUSIVEIPLMatch Review

තියුණු තරඟයකින් අනතුරුව Sunrisers Hyderabad පරාජය කළ, IPL තරඟාවලියට අලුතින්ම එක් වූ Gujarat Titans ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 40වන තරගය ලෙස ලෙස කේන් විලියම්සන් නායකත්වය දරන Sunrisers Hyderabad සමග Hardik Pandya නායකත්ව දරන Gujarat Titans කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Sunrisers Hyderabad කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Sunrisers Hyderabad කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 195ක් රැස් කිරීමට සමත් වුනා.

Sunrisers Hyderabad වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Abhishek Sharma පන්දු 42කදී ලකුණු 65ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 3ක් සහ හතරේ පහරවල් 6ක් ඇතුලත් වුනා.

Aiden Markram ලකුණු 56ක් රැස් කළ අතර Shashank Singh වේගවත් ලකුණු 25ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Mohammed Shami කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 196ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 199ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Gujarat Titans ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Wriddhiman Saha පන්දු 38ක් තුල වෙගවත් ලකුණු 68ක් රැස් කල අතර Rahul Tewatia ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේදී Umran Malik කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button