Cricket NewsEXCLUSIVEIPL

Rashid Khan සහ Rahul Tewatia විසින් තරඟයේ අවසන් පන්දුවාරයේ දැවැන්ත හයේ පහර 4ක් එල්ල කරමින් තරඟයේ තීරණය උඩුයටිකුරු කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 40වන තරගය ලෙස ලෙස කේන් විලියම්සන් නායකත්වය දරන Sunrisers Hyderabad සමග Hardik Pandya නායකත්ව දරන Gujarat Titans කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Sunrisers Hyderabad කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Sunrisers Hyderabad කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 195ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 196ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 199ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Gujarat Titans කන්දයමට් ජයග්‍රහණය කිරීම සඳහා අවසන් පන්දුවාරයට ලකුණු 22ක් අවශ්‍ය වූ අතර එම අවස්ථාවේ පිතිකරණයේ යෙදෙමින් සිටි Rashid Khan සහ Rahul Tewatia දැවැන්ත හයේ පහරවල් 4ක් එල්ල කරමින් Gujarat Titans කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය වෙත රැගෙන ගියා.

Rashid Khan සහ Rahul Tewatiaගේ අවසන් පන්දුවාරයේ සුපිරි ප්‍රහාරය පහතින් නරඹන්න

Rahul Tewatia විසින් 19.1 පන්දුවේදී එල්ල කල දැවැන්ත හයේ පහර

Rashid Khan විසින් 19.3 පන්දුවේදී එල්ල කල දැවැන්ත හයේ පහර

Rashid Khan විසින් 19.5 පන්දුවේදී එල්ල කල දැවැන්ත හයේ පහර

Rashid Khan විසින් 19.6 පන්දුවේදී එල්ල කල දැවැන්ත හයේ පහර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7