Cricket NewsEXCLUSIVE

“එළඹෙන ලෝක කුසලානටත් කුසල් ජනිත්ගේ සහභාගීත්වය අවිනිශ්චිතයි” – ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස්

අද පස්වරුවේ ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු මෙන්ම සහය පුහුණු කරුද වන නවිඩ් නවාස් මාධ්‍ය සාකච්ඡාවකට එක්විය.එහිදී ඉදිරි අපේක්ෂාවන් හා කණ්ඩායමේ සැකැස්ම පිළිබඳව වැදගත් කරුණු රාශියක් ඔහු ප්‍රකාශ කලේය.

බොහෝ විට පිතිකරණ ලැයිස්තුවේ පවා වෙනසක් නොමැතිව තුන්වන තරඟයට එකම පිතිකරණ බලඇණියක් යොදා ගැනීමට ඔවුන් අපේක්ෂා කරන බව සඳහන් කර සිටියේය.භානුක නොම්බර තුන ස්ථානයේ හෝ කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරවීමට තවමත් අදහසක් නොමැතිබව ඔහු කියා සිටියේය.

එමෙන්ම නායක දසුන් ශානකද තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් පන්දුවාර දෙකක් හෝ තුනක් යොමු කිරීම පිළිබඳවද නවාස් ප්‍රකාශ කර සිටියා.අඩු ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කිරීමට සිදුවූ තරඟ දෙකක් හේතුවෙන් දසුන්ට එම අවස්තාව මගහැරුණු බවයි ඔහු කියා සිටියේ.

කෙසේ නමුත් අවසන් වරට විදූ විසන් ධනුශ්කගේ දුර්වල පිතිකරණය පිළිබඳව හා කුසල් ජනිත්ගේ නැවත පැමිණීම පිළිබඳව විමසීමේදී ධනුශ්ක ගුණතිලක පිලිබඳව සඳහනක් නොකල නවාස් කියා සිටියේ කුසල් ජනිත්ගේ තත්වය හේතුවෙන් එලඹෙන ලෝක කුසලානයට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බවය.

“දැනට මං දන්න විදියට කුසල් ජනිත්ගේ උරහිසේ ශල්‍යකර්මයක් තියනවා කරන්න . එයා තාම ඒක කරන්න ගිහිල්ලවෆ්හ් නෑ . ඉතින් ඒ ශල්‍යකර්මය කරලා ආවත් යම් කාලයක් යයි ඒකෙන් රිකවර් වෙන්න . මට ඩවුට් එකක් තියනවා එයා වර්ල්ඩ් කප් එක වෙනකොට ලෑස්ති වෙලා ඉඳීවිද කියලා ” යනුවෙන් නවාස් එහිදී කියා සිටියේය.

එම මාධ්‍යය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button