Cricket NewsEXCLUSIVE

“වෙලාව ගන්න වෙලාව අරන් ගහන්න, එක දාලා දෙන්න ඕනිනම් මට” – තරඟයේ අවසන් පන්දුවාරයට පෙර දුනිත් වෙල්ලාලගේ අශේන් බණ්ඩාරට දුන් විශ්වාසය.!

මේ වන විට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක නිරතවනවා.

එහිදී ඕස්ට්‍රේලියා A කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වුණේ කොළඹ SSC ක්‍රීඩාංගනයේදීය.

එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියා A කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 312ක් රැස් කිරීමට සමත් වුණා.

ඊට පිළිතුරු වශයෙන් ලකුණු 313ක ජයග්‍රහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 45කුත් පන්දු 5ක් අවසානයේ කඩුලූ 6 ක් පමණක් දැවී ලකුණු 215ක ලකුණු පුවරුවක් ගොඩනගමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

එහි දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත සුරැකිව රැගෙන ගිය දුනිත් වෙල්ලාලගේ සහ අශාන් බණ්ඩාර නොදැවී පිටියේ රැඳී සිටි අතර ජයග්‍රහණය සඳහා ලකුණු 11ක් අවශ්‍යව තිබූ පසුබිමක දුනිත් වෙල්ලාලගේ විසින් අශාන් බණ්ඩාරට පැවසූ ප්‍රකාශයක් සම්බන්ධව මේ වන විට සමාජ මාධ්‍ය දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

එහිදී පන්දු වැඩි ප්‍රමාණයකට මුහුණදී සිටින අශාන් බණ්ඩාරට දුනිත් වෙල්ලාලගේ පවසා සිටින්නේ අවශ්‍ය තරම් වෙලාව රැගෙන ක්‍රීඩා කරන ලෙසයි. එසේ නොමැතිනම් එක් ලකුණක් සඳහා පැති හුවමාරු කරගන්න ලෙසත් ඔහු පවසා සිටිනවා.

අවසානයේ එසේ පැති මාරු කරගන්නා අතර දුනිත් දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කර ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන යනවා,

මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි ප්‍රතිචාර එම වීඩියෝවට ලැබී තිබෙන අතර එම වීඩියෝව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button