Cricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකාවට මෙන්ම ඕස්ට්‍රේලියාවෙ අපිටත් ප්‍රෙක්ශකයන් ලොකු සහයෝගයක් දැක්වුවා, ඒ වෙනුවෙන් මම ශ්‍රී ලංකා ප්‍රෙක්ශකයන්ට ස්තූතිය පළ කරනවා” – ඕස්ට්‍රේලියානු නායක Aaron Finch

ඊයේ (16) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 26ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින් තරඟාවලිය 1-1 ලෙස සම තත්වයට ගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඕස්ට්‍රේලියානු නායක Aaron Finch කණ්ඩායම් දෙකටම සහයෝගය දැක්වීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට ස්තුතිය පළ කර සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ Aaron Finch,

“අපි පන්දු රැකීමෙදි ගොඩක් වැරදි කළා. අපේ කණ්ඩායම හොඳ ආරම්භයක් දුන්නත් තරඟයේ ස්වරූපය අනූව පරිවර්තනය වුනේ නෑ ඒක තමයි ප්‍රධාන වෙනස ඒ වගේම ඒක ඉතා. එය අවාසනාවන්ත තත්වයක්. මේ අපේ සම්පුර්ණ ශක්තිය නොවේ, නමුත් අපට තවත් පන්දුවට පහර දිය හැකිව තිබුනා. තණතීරුව මන්දගාමී සහ දඟ පන්දු යවන්නන්ට ඉතා උචිත මෙවැනි අවස්ථා වල අපේ හඹා යාම අපි දිගටම දියුණු විය යුතු දෙයක්.”

ඒක අපට වඩා හොඳ විය හැකි ක්‍රීඩාවේ කොටසක්, නමුත් අද පෙන්නුම් කළේ අප එයින් ඉවත් වී ඇති බවයි. ආබාධ සම්බන්ධයෙන් අපට වැඩි යමක් කළ නොහැකියි, නමුත් අපේ A කණ්ඩායම හම්බන්තොට සිටීමත් අපට ආදේශකයන් තිබීමත් වාසනාවක්. ඒ වගේම ශ්‍රී ලංකාවට මෙන්ම ඕස්ට්‍රේලියාවෙ අපිටත් ශ්‍රී ලංකා ප්‍රෙක්ශකයන් ලොකු සහයෝගයක් දැක්වුවා. කණ්ඩායම් දෙකටම සහයෝගය දැක්වීම ගැන ප්‍රෙක්ශකයන්ට මම ස්තූතිය පළ කරනවා. ”

මෙම ජයග්‍රහණයත් සමග තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලිය 1-1ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර දෙරට අතර පැවැත්වෙන තෙවන එක්දින තරඟය එළඹෙන 19 වන දා කොළඹ ආර් ප්‍රෙමදාස ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button