Cricket NewsEXCLUSIVEInternational

ජයග්‍රහණයෙන් උද්දාමයට පත් පල්ලෙකැලෙ ප්‍රේක්ශකයන් ක්‍රීඩාංගනය පුරා හිස ලූ ලූ අත දුවයි – තිදෙනෙක් පොලිස් අතඩංගුවට පත් වේ.

Sri Lanka celebrate the wicket of Steven Smith, Sri Lanka vs Australia, 2nd ODI, Pallekele, June 16, 2022

මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 26ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින් තරඟාවලිය 1-1 ලෙස සම තත්වයට ගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායක Aaron Finch ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 47.4ක් අවසනයේ කඩුලු 9ක් දැවී ලකුණු 220ක් රැස් කරගෙන සිටින විට වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරඟය නතර කළ අතර අනතුරුව නැවතත් තරඟය ආරම්භ වුයේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 43ක් ඇතුලත ලකුණු 216ක ඉලක්කයක් ලබා දෙමිනි.

David Warner was beaten by a delivery that skidding through, Sri Lanka vs Australia, 2nd ODI, Pallekele, June 16, 2022

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් රැස් කල අතර දසුන් ශානක ලකුණු 34ක් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 20ක් රැස් කළා.

පන්දු යැවීමේදී Pat Cummins කඩුලු 4ක් බිඳ හෙලුවා.

වර්ෂාව හේතුවෙන් ඩක්වත් ලුවිස් නයායට අනුව ලකුණු 216ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ට පන්දුවාර 37.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 189ක් පමණයි.

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ David Warner ලකුණු 37ක් රැස් කළ අතර Glenn Maxwell ලකුණු 30ක් රැස් කළා.

Dushmantha Chameera celebrates after taking the final wicket, Sri Lanka vs Australia, 2nd ODI, Pallekele, June 16, 2022

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චාමික කරුණාරත්න කඩුලු 3ක් දවා ගත් අතර දුෂ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ සහ ධන්නජය සිල්වා කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය චාමික කරුණාරත්න හට හිමි වුනා.

May be an image of 1 person and text

මේ අතර දෙවෙනි එක්දින තරගය ජයග්‍රහණයෙන් අනතුරුව ක්‍රිකට් රසියකයන් පිරිසක් ක්‍රීඩාංගණයට පැමින හිස ලූ ලූ අත දුවමින් ක්‍රීඩකයන් අතර ඡායාරූප ගනිමින් ජයග්‍රහනය සමරන ආකාරය දක්නට ලැබුනා.

May be an image of 2 people, people standing, people playing sport, grass and text

එමෙන්ම පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය අසලදී කලහකාරී ලෙස හැසිරුණු පේරාදෙණි විශ්ව විද්‍යාල සිසුන් 03 දෙනෙකු සහ විශ්ව විද්‍යාල සිසුවියක පල්ලේකැලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

May be an image of 4 people, people standing and outdoors

May be an image of 8 people, people standing, people playing sport and text

May be an image of 6 people, people standing and text

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button