Cricket KnowledgeCricket NewsEXCLUSIVE

සනත් ජයසුරියගේ වසර 19ක් පැරණි වාර්තාව බිඳ හෙලූ පැතුම් නිස්සංකගේ වාර්තාගත විශිෂ්ට පිතිකරණය.!

අද (19) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන තරඟයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කරමින් තරඟාවලිය 2-1 ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

එමෙන්ම මෙම තරඟය ඉතිහාසයට එක් වුයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් හඹා ගොස් ජයගත් ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

අද(19) පැවති තෙවන එක්දින තරඟයේ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත් වෙමින් පිත්තෙන් ලකුණු 137ක් වාර්තා කළ පැතුම් නිස්සංක අද දිනයේදි ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලෝක පූජිත ක්‍රිඩකයෙක් ලෙසින් සැලකෙන සනත් ජයසූරිය තබා තිබූ ක්‍රිකට් වාර්තාවක් සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට සමත් වුනා.

ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරඟයකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවයි.

2003 වසරේදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් පිටියේදි ලකුණු 122ක් රැස් කරමින් සනත් ජයසූරිය මෙම වාර්තාව සටහන් කර තිබු අතර අද(19) පැවති තෙවන එක්දින තරඟයේදී ලකුණු 137ක් රැස් කළ පැතුම් නිස්සංක මෙම වාර්තාව ඒ අනුව සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට සමත් වුණා.

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන් වාර්තා කළ ඉහළම ඉණිම් තුන ඒ අනුව පිළිවෙලින් මෙසේය.

පැතුම් නිස්සංක – 137 (කොළඹ, 2022)
සනත් ජයසූරිය – 122 (සිඩ්නි, 2003)
සනත් ජයසූරිය – 114 (සිඩ්නි, 2006)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button