Cricket GossipEXCLUSIVE

විජයග්‍රාහී රාත්‍රියේ කුසල් මෙන්ඩිස් පළමු වරට උතුම් පිය පදවිය ලබයි.!

අද දිනය ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන්ට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් අමතක නොවන දිනයක්.

ඒ ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පිට පිටම එක් දින තරඟ දෙකක් වසර 20ට පසු ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වීමත් සමගයි.

එමෙන්ම අද දිනය වෙන් වී තිබෙන්නේ ලෝක පියවරුන් වෙනුවෙනුයි. එනම් අද දිනය ලෝක පියවරුන්ගේ දිනයයි.

ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍යම මොහොතේ විශිෂ්ට ඉනිමක් දියත් කරමින් නොදැවී ලකුණු 87ක් රැස් කළ ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස්ට නම් අද දිනයතව තවත් සුවිශේෂී වන අපූරු තිළිණයක් ඔහුට ලැබී තිබෙනවා.

ඒ ඔහු ප්‍රථම වරට පිය පදවියට පත් වීමයි. කුසල් මෙන්ඩිස්ගේ ආදරණීය බිරිඳ නිශෙල් මීට සුළු මොහොතකට පෙර පුංචි සිඟිත්තකුට උපත ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා නොදැවී මෙහෙයවූ කුසල් මෙන්ඩිස්ට ජාත්‍යන්තර පියවරුන්ගේ දිනයේදී ලැබුණු මෙම උතුම් තිළිනයත් සමග මෙම දිනය තව තවත් සුවිශේෂි දිනයක් වනවාට සැකයක් නැත.

ලෝක පියවරුන්ගේ දිනයේ උතුම් පිය පදවිය ලැබූ කුසල් මෙන්ඩිස්ටත් ඔහුගේ ආදරණිය බිරිඳ නිශෙල්ටත් පුංචි සිඟිත්තටත් SixCricket අපෙන් උණුසුම් සුභ පැතුම්.

(Kusal Mendis & Nishel Mendis)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button