Cricket NewsEXCLUSIVE

“මුරලිදරන් හා රංගන හේරත් පටන් ගත්තෙත් මේ වගේම තමයි. දැන් ඉන්න අලුත් සෙට් එකත් ඉන්නේ ඒ තැනමයි, ඔවුන්ගේ දක්ශතාවයේ කිසිම අඩුවක් නැහැ” – දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග

ශ්‍රී ලංකා කණ්ඩායම් සහ සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති එක්දින තරඟාවලිය පසුගිය දා අවසන් වුයේ 3-2ක් ලෙස තරඟාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවට උරුම කර දෙමිනි.

මේ අතර තරඟයෙන් අනතුරුව වේගපන්දු ඔඋහුනුකරු ලසිත් මාලිංග ගේ You tube නාලිකාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග මහතා ප්‍රකාශ කර සිටියේ තව අවුරුදු 4,5ක් පමණ ගත වද්දී තවත් මුරලි කෙනෙක්, රංගන කෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දායාද වනු ඇති බවයි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වා සිටි ඒ මහතා,

“මුරලිදරන් හා රංගන හේරත් පටන් ගත්තෙත් මේ වගේම තමයි. දැන් ඉන්න අලුත් සෙට් එකත් ඉන්නේ ඒ තැනම තමයි. ඔවුන්ගේ දක්ශතාවයේ කිසිම අඩුවක් නැහැ. තව අවුරුදු 4,5ක් විතර යද්දී තවත් මුරලි කෙනෙක්, රංගන කෙනෙක් මේ අතර බිහිවෙනවා නියතයි. අවුරුදු 19 ක්‍රීඩකයෙක් කෙලින්ම ජාතික කණ්ඩායම ආවේ ගොඩාක් කාලෙකට පස්සේ. මාවන් අතපත්තුලා, මහේල ජයවර්ධන වගේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ගෙන් කෙනෙක් තමයි දුනිත් වෙල්ලාලගේ කියන්නේ. දක්ශතාවය උපරිමයි. හැබැයි තව ගොඩාක් දුර යන්න තියනවා. ඔහු කවදාහරි කණ්ඩායමට ලොකු සේවයක් කරන ක්‍රීඩකයෙක් වෙනවා.”

ලසිත් මාලිංග මෙහෙය වූ එම සම්පුර්ණ වැඩසටහන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button