Cricket NewsEXCLUSIVEInternational

වසර 6 ක ජාත්‍යන්තර තරඟ විරාමයකින් අනතුරුව පිටියට පිවිසි රයිල් රූසෝගේ ගිණිකෙලි සැනකෙලිය දේදුණු දේශයට විශිෂ්ඨ ජයක් ගෙනෙයි 

තරඟ තුනකින් සමන්විත දකුණු අප්‍රිකා එංගල්න්ත විස්සයි විස්ස තරඟාවලියේ දෙවැනි තීරණාත්මක තරඟය ඊයේ වේල්සයේ කාඩිෆ් හි සොෆියා ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී නිමාව දුටුවේය. සංචාරක දකුණු අප්‍රිකාණු කණ්ඩායම හමුවේ ලකුණු 58 ක පරාජයක් අත් විඳින්නට සත්කාරක එංගල්න්තයට සිදුවිය.

කාසියේ වාසිය දිනාගත් එංගල්න්ත නායක ජොස් බට්ලර් දකුණු අප්‍රිකාණු කණ්ඩායමට මුලින්ම පන්දුවට පහර දෙන්නට ආරාධනා කර සිටියේය.ඒ අනුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් සාර්ථක අඩිතාලමක් දමන්නට මුල් පෙල පිතිකරුවන් හට හැකිවිය.

දෙවන කඩුල්ල සඳහා සාර්ථක සබඳතාවයක් එක් කල රයිලි රූසෝ සමඟින් රීසා හෙන්‍රික්ස්ගේ පිත්තෙන් වාර්ථා වූ අර්ධ ශතක ද්විත්වය දකුණු අප්‍රිකාණු ඉනිමට ජීවය ගෙන එන්නට සමත් වූ අතර රීසා හෙන්‍රික්ස් ලකුණු 53 ක් රැස් කලේ හතරේ පහර තුනක් හා හයේ පහර දෙකක් සමඟිනි.

ඉනිමේ නැංගුරම වූ රූසෝ හට වසර 6 කට පසුව ජාත්‍යන්තර පිටිය සඳහා කැඳවීම් ලැබෙන්නේ ලොව වටා ලීග් පිටියේ සාර්ථක දස්කම් අතර රැඳෙමින් සිටියදී වීම විශේෂත්වයකි.රූසෝ නිරන්තරයෙන් ලකුණු අතර රැඳීම නිසා ඔහු එරට තේරීම් කම්ටුවට දැඩි පීඩනයක් එල්ල කල බවද සඳහන්.

රූසෝගේ පිත්තෙන් නොදැවුණු ලකුණු 96 ක් දකුණු අප්‍රිකාණු ඉනිමට එක් වූ අතර හතරේ පහර 10 කින් හා හයේ පහර 5 කින් වර්ණවත් වූ එම ඉනිම පන්දු 55 ක් පුරාවට ක්‍රියාත්මක විය.

හෙන්රි ක්ලාසන් ලබාගත් සාර්ථක අවසානයත් සමඟින් නියමිත පන්දුවාර 20 අවසානයේදී ඔවුන් කඩුලු 3 ක් දැවී ලකුණු 203 ක් රැස් කලේය. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් මොයින් අලී,ග්ලීසන් හා ක්‍රිස් ජෝර්ඩ්න් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ජයග්‍රහණය සදහා ලකුණු 204 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසි එංගල්න්තයට පන්දුවාර 16 කුත් පන්දු 4 ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 149 ක් පමණි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ජොනී බෙයාස්ටෝ ලකුණු 30 ක් හා නායක ජොස් බට්ලර් ලකුණු 29 ක් රැස් කලේය.ඔවුන් දෙදෙනාට අමතරව ජේසන් රෝයිගේ පිත්තෙන් වාර්ථා වූ ලකුණු 20 හැරෙන්නට සෙසු එකදු ක්‍රීඩකයෙකුට හෝ ලකුණු 20 සීමාව පසු කරයන්නට ටබ්‍රේයිස් ශම්සි ප්‍රමුඛ දකුණු අප්‍රිකාණු පන්දු යවන්නන් ඉඩක් ලබා නොදුන්නේය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ටබ්‍රේස් ශම්සි හා ඇන්ඩිලේ පෙලුක්වායෝ අතර කඩුලු 3 බැඟින් බෙදී ගියේය.

තරඟය ලකුණු 54 කින් ජයගත් සංචාරක දේදුණු දේශය තරඟාවලිය තරඟ 1-1 ක් ලෙසින් සමකරගන්නට සමත් වූ අතර දෙරට අතර තීරණාත්මක තෙවැනි තරඟය එලඹෙන ඉරිදා ඒජස් බෝව්ල් හිදී ආරම්භ වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button