Cricket NewsDomestic CricketEXCLUSIVE

වර්ණ සංග්‍රාමය අරඹමින් පැවති පළමු තරඟයෙන්ම Greys කණ්ඩායම පරාජය කළ කුසල් මෙන්ඩිස් ඇතුළු Red ‍කණ්ඩායම ජයග්‍රාහිව තරඟාවලිය අරඹයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි-20 ලීගයේ පළමු තරගය ලෙස Red ‍කණ්ඩායම සහ Greys කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ‍යේදී අද (8 ) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට Red කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ Red කණ්ඩායමේ ‍ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් Greys කණ්ඩායම පන්දුවාර 20 අවාසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 120 ක් ලබාගත්තේය. Greys ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මොවින් සුබසිංහ පන්දු 25 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 32 ක් රැස්කළ අතර මුදිත ලක්ෂාන් පන්දු 35 කදී ලකුණු 24 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු සිය ඕවර 4 ලකුණු 22 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළූ අතර ඊට Greys කණ්ඩායමේ නායක අෂාන් ප්‍රියන්ජන්ගේ කඩුල්ලද ඇතුළත් විය.

Greys ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීම සඳහා අසිතට අනගි සහායක් දුන් මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් දවාගත්හ. කළණ පෙරේරා ලකුණු 17 කට කඩුල්ලක් දවාගත් අතර වනිඳු හසරංගට කඩුලු දවාගැනිමට නොහැකි විය.

ජයග්‍රහණය සදහා ලකුණු 121 ක ඉලක්කයක් හඹාගිය Red ක්‍රීඩකයෝ පන්දුවාර 16.5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.

පළමු කඩුල්ල වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් (34) සමග එක්ව පන්දු 72 කදී ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලසිත් කෘස්පුල්ලලේ (54) Red කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමු‍වේය. පන්දු 44 කදී වාර්තා වූ ලසිත්ගේ අර්ධ ශතකය හතරේ පහර 8 කින් සමන්විත වූ අතර පන්දු 30 කදී වාර්තා වූ කුසල්ගේ ඉනිම හයේ පහර 3 කින් සමන්විත විය.

මෙම තරගයේදී Red කණ්ඩායමට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනූ ක්‍රීඩකයන් 7 දෙනෙක් ක්‍රීඩා කළ නමුත් Greys කණ්ඩායමට ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනූ ක්‍රීඩකයන් තිදෙනෙක් පමණි. එහිදී කුසල් මෙන්ඩිස් විසින් Red කණ්ඩායමද, අෂාන් ප්‍රියන්ජන් විසින් Greys කණ්ඩායමද මෙහෙයවනු ලැබූහ.

Greys කණ්ඩායම – 120/9 (20)

අෂාන් රන්දික 20, මුදිත ලක්ෂාන් 24, මොවිඳු ලක්ෂාන් 32, පුලින තරංග 16*, අසිත ප්‍රනාන්දු 22/4, මහීෂ් තීක්ෂණ 16/2, මතීෂ පතිරණ 16/2

Red කණ්ඩායම -121/4 (16.5)

ලසිත් කෘස්පුල්ලේ 54, කුසල් මෙන්ඩිස් 34, කමිඳු මෙන්ඩිස් 15, ධනංජය ද සිල්වා 36/2

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button