Cricket NewsEXCLUSIVESocial Reaction

“Thanks Machan” – තරඟාවලි ජයග්‍රහණය වෙනුවෙන් දසුන් ශානක සහ දිමුත් තැබූ සුභ පැතුම් සටහනට Sikandar Raza දුන් අපුරු පිළිතුර.!

සිම්බාබ්වේ කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද සමත් වූනා ඒ Sikandar Raza ගේ සුපිරි තුන් ඉරියව් දස්කම්සහ නායක Regis Chakabvaගේ විශිෂ්ට පිතිකරණය සමගිනි.

මෙම තරගාවලියට පෙර පැවති විස්සයි-20 තරගාවලිය ද 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම ලැබූ මෙම තරගාවලි ජයග්‍රහණයට සහ එම ජයග්‍රහණයෙහි ඉදිරි පෙළ සටන්කරුවා වූ Sikandar Raza වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීමට මෙරට සුපිරි ක්‍රිකට් තරු අමතක කර තිබුණේ නැහැ.

මෙම වසර මුල සිම්බාබ්වේ සමග පැවති තරඟාවලියේ පටන් ඉතා සුහදව දෙපිළේම ක්‍රිඩකයන් කටයුතු කරනනා. එම තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාවෙන් පිටව යාමට පෙර නායක දසුන් ශානක සහ Sikandar Raza සිය ජර්සි පවා හුවමාරු කරගනු ලැබුවා.

සිම්බාබ්වේ බංගලදේශයට එරෙහිව ලැබු මෙම ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක සහ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න Sikandar Raza හට සුභ පැතුම් පණිවිඩයක් තබා තිබූ අතර එයට පිළිතුරු දක්වමින් Sikandar Raza ද අපුරු පිළිතුරු සටහනක් තබා තිබෙනවා.

දසුන් ශානකගේ සහ දිමුත් කරුණාරත්න තැබූ සුභ පැතුම් සටහන් සහ Sikandar Raza එයට තැබූ පිළිතුරු සටහන් පහතින්

දිමුත් කරුණාරත්න

දසුන් ශානක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button