Cricket NewsDomestic CricketEXCLUSIVE

නුවනිඳු ප්‍රනාන්දුට සිතීමටවත් කාලයක් ඉතිරි නොකරමින් ඔහුව දවාගත් ඩිල්ශාන් මධුශංක යොමු කළ සුපිරි පන්දුව.!

එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් පැවැත්වෙන ‍ශ්‍රි ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 තරගාවලිය අද ආරම්භ වුණා.

තරගාවලිය දෙවන තරගය ලෙස දසුන් ශානක නායකත්වය දරන Greens කණ්ඩායම සහ චරිත් අසලංක නායකත්වය දරන Blues කණ්ඩායම් අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

මෙහිදී Blues කණ්ඩායම නියෝජනය කරමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඩිල්ශාන් මධුශංක සිය පන්දුවාර 4 තුළ ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 22ක් පමණක් ලබාදෙමින් අත්‍යවශ්‍යම කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් වුණා.

වමත් වේගපන්දු යවන්නෙක් වන ඩිල්ශාන් මදුශංක ඉතා හොඳින් පන්දුව දෝලනය කරමින් පන්දු යවන ආකාරය ක්‍රිකට් විචාරකයන්ගේ දැඩි අවධානයකට ලක්ව තිබෙන අතර අද තරඟය අතරතුර නුවනිදු ප්‍රනාන්දුව දවා ගැනීමට ඔහු යොමු කළ පන්දුව විදෙස් විචාරකයන්ගේ පවා අවධානයට යොමු වී තිබෙනවා.

නුවනිඳු ප්‍රනාන්දුව දවා ගැනීමට ඩිල්ශාන් මදුශංක යොමුකළ සුපිරි පන්දුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button