Cricket NewsDomestic CricketEXCLUSIVE

ඩිල්ෂාන් මදුශංක ඇතුළු Blues කණ්ඩායමේ සුපිරි පන්දු බලඇණිය හමුවේ Greens කණ්ඩායම දණ නමයි – චරිත් අසලංකගේ Blues කණ්ඩායමට ලකුණු 32 ක ජයක්.!

එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් පැවැත්වෙන ‍ශ්‍රි ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 තරගාවලිය අද ආරම්භ වුණා.

තරගාවලියේ පළමු දිනයේ පැවැති දෙවැනි තරගය වු Blues සහ Greens අතර තරගයෙන් ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු Blues කණ්ඩායම ඊයේ (08) රාත්‍රියේ සමත්විය.

පළමුව පන්දුවට පහර දුන් Blues කණ්ඩායමේ පළමු කඩුලු 8 ම ලකුණු 71 කද බිඳ දැමීමට Greens පන්දු යවන්නන් සමත් වුවද 9 වැනි කඩුල්ලට එක්වූ අෂේන් බණ්ඩාර සහ කසුන් රජිත එක්ව රැස් කරන ලද ලකුණු 40 ක සම්බන්ධතාව ප්‍රධාන කොට ලකුණු 123 ක ඉලක්කයක් Greens කණ්ඩායම හමුවේ ලබා දීමට Blues කණ්ඩායම සමත්විය.

Blues ඉනිමේ කොඳු නාරටිය බවට පත් වුණු අෂේන් බණ්ඩාර නොදැවී ලකුණු 37 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කර ගනිද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් කසුන් රජිත පන්දු 25 කදී ලකුණු 19 ක් ලබා ගතක්තේය. අවශ්‍ය මොහොතේදී සිය සේවය කණ්ඩායමට ලබා දුන් වේග පන්දු යවන්නා සිය ඉනිමට හතරේ පහර 2 ක්ද ඇතුළත් කර ගත්තේය.

ආරම්භය බිඳ වැටුණු Blues ඉනිම නායක චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩ ගැනීමට දැඩි උත්සාහයක් ගත් නමුදු රමේෂ් මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩර්සි ඊට හරස් වූහ.

එමෙන්ම දඟ පන්දු යවන්නන්ට දායකත්වයක් ලබා දුන් තණතීරු‌වේදී හොඳින් පන්දුව දඟ කැවූ වැන්ඩර්සේ, ධනංජය ද සිල්වාව දවා ගත් පන්දුවාරයේ තවත් පන්දු 4 ක් ඇතුළත චාමික කරුණාරත්නගේ කඩුල්ලද දවා ගනිමින් පීඩනය වැඩි කළේය.

ඉන් නොනැවතුණු වැන්ඩර්සේ, ප්‍රමෝද් මදුශාන්ව දුවද්දී දවා ගැනීමට හසුකර ගැනීමට අමතරව ප්‍රවීන් ජයවික්‍රමගේ කඩුල්ලද දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගත්තේය. පන්දුවාර 4 ම ක්‍රියාත්මක කළ ඔහු ලකුණු 12 කට කඩුලු 3 ක් බිඳ හෙළද්දී දසුන් ශානක හැරුණු කොට පන්දු යැවූ ඉතිරි පන්දු යවන්නන් පස් දෙනාම එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ඒ අනුව ලකුණු 123 ක ඉලක්කයක් හඹා ගිය දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු Greens කණ්ඩායමට Blues පිලේ දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දුවාර 18.3 කදී රැස් කරගත හැකි වූයේ ලකුණු 90 ක් පමණි.

Greens ඉනිමේ 6 වැනි පන්දුවාරය වන විට ඉදිරි‌ පෙළ පිතිකරුවන් සිව් දෙනෙකුම දවා ගනිමින් සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ඩිල්ෂාන් මදුශංක ප්‍රමුඛ Blues පන්දු යවන්නෝ සමත්වූහ. වේගයක් සහිතව පන්දු යැවූ ඩිල්ෂාන් ඉතාමත් නිවැරදිව පන්දු යවනු තරගයේ කැපී පෙනුණි. ප්‍රතිවාදී පිතිකරුවන්ට කිසිම අවස්ථාවක් ලබා නොදුන් මදුශංක සිය පන්දුවාර 4 ලකුණු 22 කට නවතාලමින් ධනංජය ද සිල්වා සහ නුවනිඳු ප්‍රනාන්දුගේ කඩුලු දවා ගැනීමට සමත්වූවේය.

පන්දු යැවීමේදී ඩිල්ෂාන් මදුශකට අමතරව ප්‍රවීන් ජයවික්‍රම සහ සුමින්ද ලක්ෂාන් කඩුලු 2 බැගින් බිඳ හෙළද්දී කසුන් රජිත, චාමික කරුණාරත්න සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

දසුන් ශානක හුදෙකලා පිතිහරමයක නිරත වෙමින් පන්දු 39 කදී ලකුණු 37 ක් ලබා ගත්තේ තම ඉනිම හතරේ පහර 3 කින් වර්ණවත් කර ගනිමිනි. Greens ඉනිමේ හරි අඩක් නිමාවීමට මත්තෙන් ග්‍රීන්ස් පිලේ බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවකු වූ පැතුම් නිස්සංකව දවා ගැනීමට ධනංජය ලක්ෂාන් සමත්විය.

තරගයේ වීරයා බවට පත් වුයේ ඩිල්ෂාන් මදුශංකයි.

Blues – 122/9 (20)

චරිත් අසලංක 23, ධනංජය ද සිල්වා 14, අෂේන් බණ්ඩාර 37*, සුමින්ද ලක්ෂාන් 10, කසුන් රජිත 19, ජෙෆ්රි වැන්ඩර්සි 12/3

Greens – 90/10 (18.3)

දසුන් ශානක 37, දිනේ් චන්දිමාල් 11, පැතුම් නිස්සංක 16, ඩිල්ෂාන් මදුශංක 22/2, ප්‍රවීන් ජයවික්‍රම 16/2, සුමින්ද ලක්ෂාන් 22/2

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button