“ශ්‍රී ලංකා ක්‍රිඩකයන්ට පිටිය තුළ ඔවුන් කවුරුද කියා පෙන්වීමට කාලය එළඹී ඇත” – ශ්‍රී ලංකාව අවතක්සේරු කළ බංගලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂකගේ ප්‍රකාශය ගැන මහේල ජයවර්ධනගෙන් සැර පිළිතුරක්.!

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ මේ වන විට ආසියානු කුසලාන තරගාවලිය අති උත්කර්ෂවත් අයුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා.මේ අතර මෙවර තරගාවලියේ ඉදිරියට යෑම සඳහා ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක තරගයක් අද රාත්‍රියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතයි.
මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වන අතර පරාජය වන කණ්ඩායමට නැවතත් සිය රට බලා පිටත්ව යාමට සිදු වනවා.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල් දෙකම පසුගියදා ඇෆ්ගනිස්තානය ඉදිරියේ දරුණු පරාජයක් ලැබූ අතර ඒ හේතුවෙන් ඇෆ්ගනිස්තානය අපරාජිතවම දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
මේ අතර ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඇෆ්ගනිස්තානය සමග තරඟය අවසානයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබුණේ බංගලාදේශය සමග එළඹෙන තරඟයේ දී ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දසුන් ශානක පවසා සිටියේ බංගලාදේශයට ලෝක මට්ටමේ ක්‍රීඩකයින් එතරම් නොමැති නිසාත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරම් පන්දු බලඇණිය ඔවුන්ගේ ශක්තිමත් නොවන නිසාත් මෙය ශ්‍රී ලංකාවට පහසු තරගයක් වන බවයි.
මෙම ප්‍රකාශය බංග්ලාදේශ මාධ්‍ය හරහා ඉතා වේගයෙන් ජනප්‍රිය වූ අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් බංගලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂක ඛලිඩ් මහමුද් මහතා ඊයේ මාධ්‍යයට සඳහන් කර සිටියේ “මම හිතන්නේ ඔවුන්ට ශකීබ්, මුස්ටෆිසුර් වැනි ලෝක මට්ටමේ පන්දු යවන්නන් නැහැ” යනුවෙනි.
කෙසේ නමුත් මෙම ප්‍රකාශය සම්භන්දයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ පුහුණු උපදේශක වරයකු වන මහේල ජයවර්ධන මහතා විශේෂ Twitter සටහනක් එක් කරමින් පවසා තිබෙන්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සහ පිතිකරුවන්ට පිටිය තුළ ඔවුන් කවුරුද කියා පෙන්වීමට කාලය එළඹී ඇත” යනුවෙනි.
එම Twitter සටහන පහතින්
Looks like it’s time for @OfficialSLC bowlers to show the class and batters to show who they are on the field..
#AsiaCup2022 https://t.co/txWm7wH4nC
— Mahela Jayawardena (@MahelaJay) August 31, 2022
කණ්ඩායම් දෙකටම අතිශය තීරණාත්මක මෙම තරගය අද රාත්‍රි 7.30ට පැවැත්වීමට නියමිතයි