Cricket NewsEXCLUSIVEMatch Review

හොං-කොන් කණ්ඩායම ලකුණු 40කින් පරාජය කළ ඉන්දියාව සුපිරි 4දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර ගනී.!

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ මේ වන විට ආසියානු කුසලාන තරගාවලිය අති උත්කර්ෂවත් අයුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා.

මෙවර තරඟාවලියේ 4වන තරඟය ලෙස හොං-කොන් කණ්ඩායම සහ ඉන්දියාව අතර අද පැවති තරඟයෙන් ලකුණු 40ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දිය කණ්ඩායම සමත් වුයේ Group A ඛාණ්ඩයේ ප්‍රථම ස්ථානයට පැමිණෙමින් සුපිරි 4දෙනාගෙ වටයේද සිය ස්ථානය තහවුරු කර ගනිමිනි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් හොං-කොන් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 192ක් රැස් කිරීමට සමත් වුණා.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Suryakumar Yadav පන්දු 26කදී වේගවත් ලකුණු 68ක් වාර්තා කිරීමට සමත් වුනා.Virat Kohli ලකුණු 59ක් රැස් කළ අතර KL Rahul ලකුණු 36ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Mohammad Ghazanfar සහ Ayush Shukla එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 193ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි හොං-කොන් පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 152ක් පමණයි

හොං-කොන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Babar Hayat ලකුණු 41ක් රැස් කල අතර Kinchit Shah ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේදී Bhuvneshwar Kumar, Arshdeep Singh, Ravindra Jadeja සහ Avesh Khan එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

මේ අනූව Group A කාණ්ඩයේ Super 4 වටයට පිවිසෙන අනෙක් කණ්ඩායම හොං-කොන් කණ්ඩායම සහ පකිස්තානය අතර පැවැත්වෙන තරඟයෙන් තීරණය වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7