BPLCricket NewsEXCLUSIVE

BPL හි ක්‍රිඩා කළ පළමු තරඟයේම පන්දුවෙන් සහ පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූ දසුන් ශානක Rangpur Riders කණ්ඩායම ජයග්‍රාහි මාවත⁣ට රැගෙන යයි.!

බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලයේ (BPL 2023) අද Fortune Barishal කණ්ඩායම සහ Rangpur Riders කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට Rangpur Riders කණ්ඩායම අද සමත් වුනා.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙහිදී Rangpur Riders කණ්ඩායම නියෝජනය කරමින් ද ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ Fortune Barishal කණ්ඩායම නියෝජනය කරමින්ද BPL 2023 තරඟාවලියේ පළමු තරඟය ලෙස මෙම තරඟය ක්‍රිඩා කළා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Rangpur Riders නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට Fortune Barishal කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි Fortune Barishal කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 170ක් රැස් කළා. Fortune Barishal වෙනුවෙන් විශිෂ්ට ඉණිමක් දියත් කල M.Hassan පන්දු 48ක් තුල වේගවත් ලකුණු 69ක් රැස් කළ අතර Mahamudullah ලකුණු 34ක්.සහ භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 17ක් රැස් කළා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දසුන් ශානක කඩුලු දෙකක් බිඳ හෙළිමට සමත් වුනා. අනතුරුව ලකුණු 171ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Rangpur Riders කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 172වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Rangpur Riders කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉණිමක් දියත් කළ S. hossain පන්දු 51ක් තුල වේගවත් ලකුණු 71ක් රැස් කිරීමට සමත් වුණා. R Talukdar ලකුණු 29ක් රැස් කළ අතර අවසන් භාගයේ Rangpur Riders කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන ගිය දසුන් ශානක නොදැවී ලකුණු 16රැස් කළා.

පන්දු යැවීමේදි K Rabbi, K Ahamed සහ S. AL Hassan කඩුලු 2 බැගින් බිඳ හෙළුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button