Cricket NewsEXCLUSIVEWoman Cricket

සත්කාරක ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ පෙරමුණ ගනී.!

මෙවර දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කරමින් සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරඟයේදී සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් ලකුණු 3ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 129ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ නායිකා චමරි අතපත්තු පන්දු 50කදී ලකුණු 68ක් වාර්තා කිරීමට සමත් වුනා.

විශ්මි ගුණරත්න ලකුණු 35ක් රැස් කළ අතර ## ලකුණු ##ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Shabnim Ismail, Marizanne Kapp සහ Nadine de Klerk එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 130ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 126ක් පමණයි

දකුණු අප්‍රිකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Suné Luus ලකුණු 28ක් රැස් කල අතර Laura Wolvaardt ලකුණු 18ක් රැස් කළා.

පන්දු යැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 3ක් සහ Oshadi Ranasinghe,Sugandika Kumari කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7