Cricket NewsEXCLUSIVE

පාදයේ ඇඟිලි දෙකක් බිඳී තිබියදී පවා නවසීලන්තය වෙනුවෙන් සටන අත්නොහළ වීරයා – නීල් වැග්නර් !

තරඟ දෙකකින් යුත් එංගලන්ත නවසීලන්ත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය අද නිමාවූයේ එංගලන්තයට එක් ලකුණක පරාජයක් උරුම කර දෙමිනි.ජයග්‍රහණය සඳහා ලකුණු දෙකක් අවශ්‍යව තිබියදී එංගලන්ත ඉනිම හමාර කරන්නට වැගනර් සමත් වූයේ එංගලන්ත දෙවන ඉනිමේ කඩුලු 4 ක් දවාගනිමිනි.

දත්ත හා සංඛ්‍යා අභිබවා නවසීලන්තය වෙනුවෙන් විශාල දායකත්වයන නීල් වැග්නර් දකුණු අප්‍රිකාවේ උපන්නෙකි.2008 වසරේ සිට පමණ නවසීලන්ත දේශීය පිටියේ දක්නට ලැබුණු වමත් මඳ වේගපන්දු යවන්නෙකි.විරල ඉරියව්වක් හා සරිලන වේගයකින් පෝෂණය වූ පන්දු යැවීමක් සතු වැග්නර් හට නවසීලන්තය නියෝජනය කිරීම සඳහා වසර 4 ක් දේශීය පිටියේ රැඳී සිටින්නට සිදුවූවා.

මුල් කාලීනව නව පන්දුවෙන් කඩුලු ලබාගැනීමට වැඩි වශයෙන් සීමා වූ වැග්නර් පසුකාලීනව තමන්ගේ පන්දු යැවීම තුල ඉතා ආක්‍රමණශීලී එල්ලයක් හා ප්‍රතිලෝම දෝලයනක් එක් කරගන්නට සමත් විය.ටෙස්ට් තරඟ රටාවේ විශේෂඥ පන්දු යවන්නෙකු වූ වැග්නර් හට මුල් වසර කිහිපය තුල ජාතික කණ්ඩායම තුල නිශ්චිත ස්ථානයක් නොවීය.

2012 වසරේදී වැග්නර් කොදෙව් කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර වරම් දිනාගත්තද ඊඩ්න් පාක්හීදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුනු 40 ක ජයක් වාර්ථා වූ තරඟයේදී වැග්නර්ගේ දායකත්වය කඩුලු 8 ක් විය.එමෙන්ම ඒ වසරේදී වැග්නර් ගේ පන්දු යැවීමේ සාමාන්‍ය 27 ක් ලෙස සටහන්ව තිබුණි.

කෙමෙන් කෙමෙන් වේගපන්දු යවන්නෙකු ලෙසින් සීඝ්‍ර වර්ධනයක් ලබාගත් වැග්නර් පරිපූර්ණ වේගපන්දු යවන්නෙකු බවට පත්විය.ඔහු 2016 වසරේදී නවසීලන්තය වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා වූයේ තරඟ 9 කදී කඩුලු 41 ක් දවාගනිමිනි.ඒ 21.05 ක් වැනි සාමාන්‍යයක්ද සහිතවයි.

අවසන් වසර 8 ක පමණ කාලය තුල වැග්නර් නවසීලන්ත ටෙස්ට් සංචිතයේ ස්ථීර සාමාජිකයෙක් බවට පත්වූවා.බෝල්ට්,සවුතී හා මැට් හෙන්රි මෙන් දෝලනය මත පමණක් රඳා පැවතුනු පන්දු යවන්නෙකු නොවූ වැග්නර් වඩාත් ආක්‍රමණශීලී අන්දමින් බවුනසර් පන්දු භාවිතයෙන් කඩුලු ලබාගැනීමට ඔහු ඉමහත් රුචිකත්වයක් දක්වන බව සුලභ දසුනක් විය.පා ඉන්න දෙසින් කඩුල්ල ආශ්‍රිතව වඩාත් ආක්‍රමණශීලී පන්දු පිටියක් උපයෝගී කරගනිමින් කඩුලු ලබාගැනීමට වැග්නර් උසුලන්නේ විශාල ප්‍රසිද්ධියක්.

වත්මන් ටෙස්ට් පිටියේ විශිෂ්ඨතමයා ලෙසින් සැලකෙන ස්ටීවන් ස්මිත් ඉනිම් 8 කදී පස්වතාවක් වැග්නර් හමුවේ දැවීගොස් තිබේ.අවසන් නවසීලන්ත ඔස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලිය තුල මැතිව් වේඩ්,ටිම් පේන් හා ස්ටීව් ස්මිත් හට වැග්නර්ගේ බවුන්සර් පන්දු හා ඉහල ඉලිප්පීමක් සහිත පන්දු යැවීම හමුවේ හිස එසවීමට නොහැකි විය.ඕනෑම අයෙකුට වැග්නර්ගේ බිහිසුණු ආක්‍රමණශීලි බව පිලිබඳව එම තරඟාවලිය ඉතිරි කලේ සුළුපටු අත්දැකීමක් නම් නොවේ.

ජාත්‍යන්තර තරඟ 62 ක් කඩුලු 258 ක් හා 27 ක සාමාන්‍යක් සහිත වැග්නර් නූතනයේ විශිෂ්ඨතමයෙක්.අද එංගලන්තයට එරෙහිව වැග්නර් නවසීලන්තයට එක් ලකුණක ජයක් උරුම කර දෙන්නට සමත් විය.තරඟය පුරාවටම එංගලන්ත පසු පෙල පිතිකරුවන්ට හිසරදයක් වූ වැග්නර්ගේ Bodyline spell කිහිපය තුල ඔවුන්ගේ කඩුලු ඉක්මනින් දැවීගියේ ජයග්‍රාහී ඉලක්කයට එක් ලකුණක් පසුපසින් එංගලන්ත ඉනිම නවතාලමින්.

ඕනෑම ක්‍රීඩා ලෝලියෙක් හට ක්‍රීඩකයෙක් එක් සුවිශේෂී මතකයක් ඉතිරි කරනු ලබයි.2020 වසරේ පකිස්තානයට එරෙහිව පැවැති තරඟයේ නවසීලන්ත දෙවන ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටි වැග්නර්ගේ පාදයේ ශහීන් යොමු කල පන්දුවක් වැදීමෙන් වැග්නර්ගේ පාදයේ ඇඟිලි දෙකක් බිඳී ගියේය.

වේදනාශක හා ඉන්ජෙක්ෂන් විශාල වශයෙන් ලබාගනිමින් ජයග්‍රහණයක් කරා යමින් සිටි පකිස්තානු ඉනිම විනාශ කර දමන්නට වැග්නර් සමත් වූයේ කඩුල්ලේ ස්ථාවරව ලකුණු 102 ක් ලබා සිටි ෆවාඩ් අලාම්ව දවාගනිමින්.පාදයේ බිඳී ගිය ඇඟිලි දෙකක්ද සහිතව පන්දුවාර 11 ක් ක්‍රියාත්මක කල වැග්නර් තරඟය නවසීලන්තය වෙත නැවත හරවා දෙන්නටද සමත් විය.

තරඟයෙන් අනතුරුව අබාධය දොයිතුවකට මායිම් නොකල වැගනර්ගේ පන්දු යැවීම පිළිබඳව නායක කේන් විලියම්සන් සඳහන් කලේ “වැග්නර්ගේ ස්පෙල් එකකදි මම එයාගේ ඕවර්ස් ගාන බලන්නේ නෑ.එයාගෙන් බෝලේ ආපහු ගන්න අමාරුයි ! ” යනුවෙනි.

එමෙන්ම තරඟයෙන් පසුව වැග්නර් සඳහන් කලේ ““මේ දේවල් කිරීම සහ තරුණ පරම්පරාවන් දෙස බැලිය යුතු කෙනෙක් වීම ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා ”

මෙම යුගයේ බිහිවූ සක්‍රීය වේගපන්දු යවන්නන් අතර වැගනර්ට හිමිවෙන්නේ අඩු ඇගයීමකි.නමුත් වැග්නර් යනු දත්ත හා සංඛ්‍යා සියල්ලට වඩා බොහෝ දෑ නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට එක් කල විශිෂ්ඨතමයෙකි.

අදත්දැකීම් පරිපූර්ණත්වය හා ආක්‍රමණශීලී ක්‍රීඩා විශාලය නොබෝ දිනකදී ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් හටද එදිරිවාදීන් වී නැරඹන්නට හැකි වේවි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button