Cricket NewsEXCLUSIVE

“විශේෂයෙන් ක්‍රිඩකයන්ට වඩා මේ රටේ නම මතක තියාගන්න, ඒ තමා ශ්‍රී ලංකා ක්‍රිකට්” – තරඟයෙන් අනතුරුව විස්තර විචාරක Aamir Sohail කියූ කතාව.!

ඊයේ (16) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 26ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින් තරඟාවලිය 1-1 ලෙස සම තත්වයට ගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායක Aaron Finch ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 47.4ක් අවසනයේ කඩුලු 9ක් දැවී ලකුණු 220ක් රැස් කරගෙන සිටින විට වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරඟය නතර කළ අතර අනතුරුව නැවතත් තරඟය ආරම්භ වුයේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 43ක් ඇතුලත ලකුණු 216ක ඉලක්කයක් ලබා දෙමිනි.

ඒ අනුව වර්ෂාව හේතුවෙන් ඩක්වත් ලුවිස් නයායට අනුව ලකුණු 216ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ට පන්දුවාර 37.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 189ක් පමණයි.

ඕස්ට්‍රේලියානු ප්‍රභල එක්දින කද්නයමට එරෙහිව ඒ අනුව 1-1ක් ලෙස තරඟාවලිය සම කිරීමට ශ්‍රී ලංකාව සමත් වීමත් යොවුන් ක්‍රීඩකයන් දැක්වූ දස්කම් පිළිබඳවත් එම අවස්ථාවේ විස්තර විචාරයේ නියැලී සිටී අමීර් සොහිල් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව අපූරු ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා, එහිදී ඔහු සඳහන් කර සිටියේ “විශේෂයෙන් ක්‍රීඩා කරන ක්‍රිඩකයන්ට වඩා මේ රටේ නම මතක තියාගන්න ඒ තමා ශ්‍රී ලංකා ක්‍රිකට්.” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7