EXCLUSIVETrending Article

“ගාලු කොටුවේ වීරයින් ආක්‍රමණය කළ යාපනය බලකොටුව” – ගෝල් ග්ලැඩියේටර්ස් ඊයේ ලැබූ ජයග්‍රහණය ගැන ක්‍රිකට් රසිකයකු තැබූ සටහන.!

ගාල්ල කියන්නේ මේ පාර LPL එකේ සුපිරිම ටීම් එකක්.

මං ගාලු කන්ඩායමේ හරි ආසම දේ තමයි එයාලා මේ පාර ඩ්‍රාෆ්ට් එකේදී ක්‍රීඩකයින් තෝරපු විදිහ… එයිනුත් දේශීය ක්‍රීඩකයින් තෝරපු විදහ…
ඇත්තටම අපේ ක්‍රිකට් වල අනාගතය ගැන හිතලා තෝරපු සංචිතයක් කියන්න පුළුවන්

සෑම අතින්ම සමබර සංචිතයක්…

ඒ වගේම භානුක රාජපක්ෂ තමයි මේ කන්ඩායමේ නායකයා…

අපි දන්නවා ගියපාර අෆ්‍රිඩි ‍යටතේ අන්ත පරාද වලට ලක් වෙමින් හිටපු ගාලු කන්ඩායම අන්තිමට භානුක නායකයා වුනාට පස්සේ භානුකට පුළුවන් වෙනවා ගාල්ල ෆයිනල් අරන් යන්න. භානුක කියන්නේ පොඩි කාලේ ඉදන්ම කැප්ටන් ස්කිල් තිබුන ප්ලෙයර් කෙනෙක්…

එදා අපි හරියට භානුකව බලා ගත්තා නම් අද ජාතික කන්ඩායමේ පවා නායකත්වය දරන්න පුළුවන් කෙනෙක් තමයි භානුක

කොහොම වුනත් පලවෙනි තරගයට ඉතාම හොද සමබර කන්ඩායමක් තෝරගෙන ගියවර ශූරතාවය දිනා ගත් යාපනය පරාජය කරලම ගාල්ල මෙවර ගමන ආරම්භ කරා.

ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් විදිහට මේ තරගාවලියේ මට වැදගත්ම මේ ඉන්න කන්ඩායම් නෙමෙයි. මේ ඉන්න අපේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා.

එහෙම කියද්දි මතක් වුනේ භානුකගේ ඉනිම… ලකුණු 41ට කඩුලු තුනක් ගියපු වෙලාවේ ඒ ප්‍රෙෂර් එක ගානට හැඩ්ල් කරලා ඒ අවස්ථාව අනුව සුපිරි ඉනිමක් දියත් කරන්න භානුක රාජපක්ෂ කියන මැච් විනින්ග් ප්ලෙයර්ස්ට පුළුවන් වුනා.

ඒ වගේම සමිත් පටෙල් දුන්නු දායකත්වය විශිෂ්ඨයි. භානුකගේ ඉනිමට සහය දීලා දෙන්නත් එක්ක පාට්නර්ශිප් එකක් බිල්ඩ් කරලා භානුකගේ දැවි යාමෙන් පස්සේ සේරම බර කරට අරන් ටීම් එක ගොඩ දාලා දුන්නා.

මේ තරගයේ භානුක නායකයා විදිහට පන්දු යවන්නන් යොදා ගත්ත විදිහ අගය කරන්නම ඕනි. හෆීස් , සමිත් පටෙල් වගේ අත්දැකීම් තියෙන ප්ලෙයර්ස්ලා ගැන විශ්වාස කරලා එයාලගෙන් ජැෆ්නා පිලට ප්‍රෙෂර් එක දුන්නා.

ඒ වගේම ලහිරු මදුශංක වගේ ක්‍රීඩකයින්ටත් අවස්ථාව දුන්නා. පුලින තරංග පසුගිය කාලේ ඉදන්ම එයා පෙන්නනවා එයා තමයි වනිදුගේ සෙවණැල්ල කියලා…

අපිට වනිදුට ආදේශකයක් ඕනි වුනොත් ඒ සදහා අපිට පුලින ඉන්නවා. ඉතිං ඒක හොද දෙයක්…

ඒ වගේම මේ ජයග්‍රහණයට වඩා අපි සතුටු වෙන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි පුලින , ලහිරු , නුවන් තුෂාර වගේ ප්ලෙයර්ස්ලා ලෝකේ පුරා ලීග් ගහන පට්ට එක්ස්පීරියන්ස් ප්ලෙයර්ස්ලා එක්ක ක්‍රීඩා කරලා මේ දක්වපු දක්ෂතා

මේක තමයි LPL තරගාවලියෙන් බලාපොරොත්තු වුනු දේ …

ප්‍රාර්ථනා කරන්නම්..
මේ දක්ෂතා දවසින් දවස වැඩි වේවා..
මේ දක්ෂතා දක්වන හැමෝම කන්සිස්ටන් වේවා..

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි. Rishie Broගේ Facebook පිටුවට පිවිසීම සඳහා Click කරන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button