Cricket NewsEXCLUSIVELPLMatch Review

පසුගිය වසරේ ශුරයන් වූ ජැෆ්නා කණ්ඩායම පරාජය කරමින් භානුක රාජපක්ෂ ප්‍රමුඛ ගාල්ල කණ්ඩායම ජයග්‍රාහීව තරඟාවලියට ප්‍රවිෂ්ට වෙයි.!

ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වූයේ ඉතා අලංකාර සමාරම්භක උත්සවයකින් අනතුරුව පැරා ඔලිම්පික් හි රන් සම්මාන ලාභි දිනේෂ් ප්‍රියන්ත රණවිරුවන්ගේ සුරතිනි.

ඒ අනුව මෙවර තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ Galle gladiators කණ්ඩායම සහ Jaffna kings කණ්ඩායම අතර පැවති තරඟයේ දී පසුගිය වසරේ LPL ශූරතාවය ජයග්‍රහණය කළ Jaffna kings කණ්ඩායම පරාජය කරමින් පසුගිය වසරේ අනුශූරයන් ලෙස කිරුළු පැළඳි Galle Gladiators කණ්ඩායම සිය ලංකා ප්‍රිමියර් ලීග් ගමන්මට ජයග්‍රාහීව ආරම්භ කිරීමට සමත් වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Jaffna Kings කණ්ඩායමේ නායක තිසර පෙරේරා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම ට Galle glediator පිතිකරුවන්ට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Galle gladiators පිතිකරුවන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 164 ක් රැස් කිරීමට සමත් වුණා.

කලකට පසුව ක්‍රිඩා පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක ලකුණු 8ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 16කට දැවී ගියා.

Galle Gladiators ඉනිම ශක්තිමත් කිරීමේ වගකීම කරට ගත් නායක භානුක රාජපක්ෂ පන්දු 31ක් තුලින් වේගවත් ලකුණු 56ක් රැස් කිරීමට සමත් වූයේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රථම අර්ධ ශතකය සිය පිත්තෙන් වාර්තා කරමිනි.

සාර්ථක අවසානයක් ද Gladiators කණ්ඩායමට ලබාදීමට Samit Patelට හැකිවුණා.

ඔහු පන්දු 31ක් තුළින් වේගවත් ලකුණු 42ක් රැස් කිරීමට සමත් වුණ අතර පන්දු යැවීමේදී Jaydem Seales විසින් කඩුලු 3ක් දවාගත් අතර වනිදු හසරංග කඩුලු දෙකක් දවා ගනු ලැබුවා.

අනතුරුව ලකුණු 165 ක දැවැන්ත ජයග්‍රහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායමට පන්දුවාර 18කුත් පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 110ක් පමණයි.

ඒ අනුව ලකුණු 54කින් ජයග්‍රහණය Galle Gladiators කණ්ඩායමට හිමි වුණා.

Jaffna Kings කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ වහාබ් රියාස් ය.

ඔහු ලකුණු 27 ක් රැස් කිරීමට සමත් වූ අතර උපුල් තරංග ලකුණු 17ක් රැස් කිරීමට සමත් වුණා.සම්මු අශාන් ලකුණු 15 ක් රැස් කළ අතර අන් කිසිදු පිතිකරුවෙකු ට ලකුණු 15 සීමාව ඉක්මවා යාමට Galle Gladiators පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේදී Samith Patel කඩුලු 3ක් දවාගත් අතර Mohhmad Hafeez සහ පුලින තරංග කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව මෙවර තරඟාවලිය ජයග්‍රාහීව ආරම්භ කිරීමට පසුගිය වසරේ අනුශූරයන් වූ Galle Gladiators කණ්ඩායම සමත් වූයේ ප්‍රසාද ලකුණු සටහනේ ද ප්‍රථම ස්ථානයට පත් වෙමිනි.

ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7