EXCLUSIVESocial ReactionTrending Article

“නමට ලොකුම කෝටිපතියා කියාගන්න අයට වඩා මේ මනුස්සයා අපිට වටිනවා” – Colombo Stars හිමිකාරිත්වය ලබා ගත් Softlogic හිමිකරු ගැන ක්‍රිකට් රසිකකයකු තැබු සටහන.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට කෙමෙන් කෙමෙන් අවසන් වෙමින් පවතිනවා.

මේ අතර පසුගිය LPL 2020 තරඟාමාලාවේදි Colombo Kings ලෙස තරඟ වැදුනු Colombo කණ්ඩායම මෙවර නව Softlogic Holdings හිමිකාරිත්වය යටතේ Colombo Stars ලෙස LPL සංග්‍රාමයට පිවිස තිබෙන අතර ශ්‍රී ලාංකිය සමාගමක් විසින් හිමිකාරිත්වය දරන පළමු සහ එකම LPL කණ්ඩායමත් Colombo Stars කණ්ඩායමයි.

Softlogic Holdings ආයතනයේ හිමිකාරිත්වය දරනු ලබන්නෙ මෙරටින් බිහි වූ ප්‍රමුඛතම ව්‍යාපාරිකයකු වන අශෝක් පතිරණ මහතාය.

මේ අතර ඔහු පිළිබඳවත් Colombo Stars කණ්ඩායම මිලදී ගැනීම සම්බන්දවත් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයකු සමාජ මාධ්‍යයේ අපුරු සටහනක් පල කර තිබුනා.

එම සටහන පහතින්,

“ලංකාවේ ඉන්න නමට ලොකුම කෝටිපතියා කියාගෙන ඉන්න අයට වඩා මේ මනුස්සයා ඇත්තටම වටිනවා..ඉන්දියාවේ මුම්බායි ඉන්දියන් කන්ඩායම ඉන්දියාවේ ඉන්න ලොකුම කෝටිපතියා අම්‍බානි හිමිකාරිත්වය දරනවා..

අනික්‍ ඉන්දිය කන්ඩයම් ඉන්දියන් නළු නිළියන් සහ කෝටිපතියන් අයිතිකාරිත්වය දරනවා.. අපේ රටේ නමට විතරක් සමහර කොටිපතියෝ ඉන්නවා රට වෙනුවෙන් රටක්ම ආදරය කරන ක්‍රිඩාව වෙනුවෙන් කන්ඩායමක් වත් මිලදි ගන්න බැරි රුපියලක් වත් වියදම් කරන්න අකමැති..

ඒ අතින් අශෝක් පතිරන මහතා ගැන සතුටුයි ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාවේ අනාගතය වෙනුවෙන් කරන දායකත්වයට.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7