Cricket NewsEXCLUSIVELPL

වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රිඩකයා වන නවෝද් පරණවිතානව Colombo Stars වෙත එක් කර ගැනේ.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට කෙමෙන් කෙමෙන් අවසන් වෙමින් පවතිනවා

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරළිකාරමක් කණ්ඩායම ලෙස දේශීය හිමිකරුවන් යටතේ තරඟ වදින Colombo Stars කණ්ඩායම තවත් ආරම්භක පිතිකරුවෙකු සිය කණ්ඩායමට එක්කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ ඊයේ(15) දිනයේ දී 2021 වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගත් නවෝද් පරණවිතාණයි.

පසුගිය වසරේ එනම් 2020 වසරේද විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වූයේ නවෝද් පරණවිතාණම වීම විශේෂත්වයක්.

ගාල්ල මහින්ද විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රිකට් දිවියට අත් පොත් තැබූ නවෝද් පරණවිතානගේ පළමු ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය මෙය බවට පත් වනු ඇත.

 

(නවෝද් පරණවිතාන)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button