EXCLUSIVETrending Article

පන්දුවෙන්නම් පන්දුවෙන්, පිත්තෙන්නම් පිත්තෙන්, තරඟයේ නිල නොළත් වීරයා – රමේෂ් මෙන්ඩිස් ගැන ක්‍රිකට් රසිකයකු තැබූ සටහන.!

තරඟයේ මේ ඉන්නේ රමේෂ් මෙන්ඩිස්,එයා මේ ක්‍රීඩා කරේ එයාගේ දහවෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයට,
ඉතිං ගිය තරගයේ වගේම විශේෂයෙන් පසුගිය බංග්ලාදේශ සංචාරයෙන් පස්සේ රමේෂ්ට එයාගේ දක්ෂතාවය කන්සිස්ටන් පවත්වාගෙන ‍යන්න ටිකක් බැරි වුනා.

රමේෂ් විතරක් නෙමෙයි එයත් එක්ක එදා පන්දු යවපු ප්‍රවීන් සහ ඇඹුල්දෙනියත් අද නැ.. හැබැයි රමේෂ් කොහොම හරි දක්ෂතා අතරට එමින් හිටියා. එයාට තිබුන එකම ප්‍රශ්නේ තමයි ඒ දක්ෂතා කන්සිස්ටන් කර ගන්න බැරි වුනු එක,
තවත් ඇතුලට මේ ගැන කතා කරොත් මෙයාට තිබුන ලොකුම ප්‍රශ්නේ තමයි කොට පන්දු බොහොමයක් එයාගේ අතින් යවපු එක,

ඉතිං මේක පන්දු යවන්නෙක්ට හදා ගන්න පුළුවන් වැරැද්දක්.. මං දැකපු විදිහට රමේෂ්ට තිබුන එකම ප්‍රශ්නේ මේ කොට පන්දුව. හැබැයි මේ තරගයට කලින් පෙර තරගයේ රමේෂ් ෆේල් වෙද්දි සමහර අය රමේෂ් මෙන්ඩිස්ට කන්ඩායමෙන් අයින් කරන්නත් කතා කරා. හේතුව වුනේ ලක්ෂිත මනසිංහ වගේ අය සංචිතයේ හිටියා. දනාටත් වුනේ ඒක. කමිදු සංචිතයේ හිටපු නිසා දනංජය පවා අයින් කරන්න ඕනි තැන සමහරු හිටියා.

ඒත් රමේෂ්ට මේ තියෙන ප්‍රශ්නෙට උත්තරය තියෙන්නේ කන්ඩායමෙන් අයින් කරලා නෙමෙයි. එයා එතකොට මැච් 9යි එතකොට ක්‍රීඩා කරලා හිටියේ. විකට්ස් 37ක් අරගෙන තිබුනා. ඉතිං ටෙස්ට් තරග 10ක්වත් ක්‍රීඩා කරපු නැති කෙනෙක් තරගයක් දෙකක් ෆේල් වුනා කියලා අයින් කරන එක නෙමෙයි කරන්න තිබුනේ. මෙයාගේ ඒ වැරැද්ද හදා ගන්න පුළුවන් එකක්.

රමේෂ්ට තිබුනේ ඇඹුල්දෙනියට වගේ මයින්ඩ් සෙට් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. කන්සිස්ටන් නැති ප්‍රශ්නයක්. ඒක හදන්න පුළුවන් ක්‍රීඩා කරලම තමයි.

අන්න ඒ නිසාමයි එයාට මේ තරගයෙත් අවස්ථාව ලැබුනේ,

ඉතිං රමේෂ් මෙන්ඩිස්ට පුළුවන් වුනා එයා පුම්බපු හුලං බෝලයක් නෙමෙයි තවත් කාලයක් රට වෙනුවෙන් නියෝජනය කරලා ලංකාවට ලොකු සේවයක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියලා. ඒ විතරක් නෙමෙයි. කාලෙකට පෙර අපිට හිටපු දිල්රුවන් පෙරේරා කන්ඩායම වෙනුවෙන් කරපු රාජකාරිය ඊටත් වඩා හොදින් ඉදිරියේදී කරන්න රමේෂ් සූදානම් කියලා මේ තරගයෙන් පෙන්නුවා.

මේක තමයි රමේෂ් මෙන්ඩිස් කියන තුන් ඉරියව් ක්‍රීඩකයා හරියටම මේ ඉන්ටර්නැෂනල් රේස් එකට බැහැපු වෙලාව,
එහෙම කියන්නේ රමේෂ්ට පිතිකරුවෙක් විදිහට මීට වඩා ලොකු වැඩ කොටසක් කරන්න කැක්කුම තිබුනා. මොකද රමා කියන්නේ ඩොමැස්ටික් ත්‍රිත්ව ශතකයක් ගහපු කෙනෙක්. හැබැයි එයාට ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ පිතිකරුවෙක් විදිහට මීට පෙර හරියට දෙයක් කරන්න බැරි වුනා.

ඉතිං මේ තරගයේ ගත්තේ එහි ආරම්භය විතරයි. පලවෙනි ඉනිමේ ටේල් එන්ඩර්ස්ලා එක්ක එකතු වෙලා ලකුණු 35ක් ගහලා දෙනවා. දෙවෙනි ඉනිමේදී දනංජය එක්ක එකතු වෙලා දනංජයට ශතකය කරා යන්න ශක්තියක් වෙලා නොදැවී ලකුණු 45ක් ලබාගෙන හොද පිතිකරුවෙක්ගේ ලක්ෂණ පෙන්නනවා. මේක නිකන්ම නිකන් ලකුණු 45ක් විතරක් නෙමෙයි. මේ තමයි රමේෂ් ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙත් පිතිකරුවෙක් විදිහට එයාට දෙයක් කරන්න පුළුවන් කියලා තමන් තුලම ආත්ම විශ්වාසයක් ඇති කර ගත්තු ඉනිම,

ඉතිං දැන් රමේෂ්ට එයාගේ පිතිකරනය ගැන ජාත්‍යන්තර තක්සේරුවක් තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහට එයාට දැන් පුළුවන් හිටියාට වඩා හොදින් තමන් ගැන වැඩි විශ්වාසයක් තියාගෙන පිතිකරනයේ යෙදෙන්න. ඒක තමයි ඕනි වුනේ. එදා දිල්රුවන් කරා වගේ අදටත් අශ්වින් ඉන්දියාව වෙනුවෙන් කරනවා වගේ දැන් ලංකාවේ අශ්වින් කෙනෙක්ගේ රාජකාරිය කරන්න රමේෂ් මෙන්ඩිස් සූදානම් කියලා එයා මේ තරගයේ හැමෝටම පෙන්නුවා.

ඒ විතරක් නෙමෙයි. පන්දු යවන්නෙක් විදිහට පලමු ඉනිමේ කඩුලු 5ක් දවාගෙන එයාගේ ඉනිමක දෙවෙනි හොදම පන්දු යැවීම සිදු කරනවා. දෙවෙනි ඉනිමේදී තීරණාත්මක දවසේ ප්‍රභාත්ට හොද සහයෝගයක් දීලා කඩුලු හතරක් දවාගෙන සමස්ත තරගය පුරා කඩුලු 9ක් දවාගෙන තරගයේ නිල නොලත් වීරයා වෙනවා.

මුරලිදරන් , රංගන හේරත් වගේ ලොකු නම් බිහිවුණු මේ පුංචි රටෙන් තවත් ලොකු නම් බිහි වෙන්න ඕනි.ඉතිං හැමදාම නත්තල් නැ..හැබැයි නත්තල් එනවා.ඒක නිසා ප්‍රේක්ෂකයන් විදිහට අපිත් හරි ඉවසීමෙන් එයාට මේ ගමන නිදහසේ යන්න දීලා බලාගෙන ඉමු.

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button